
(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික වශයෙන් සියලු දෙනා පීඩාවට පත්ව සිටින මොහොතක ගහ මරා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
සාමකාමීව කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වී ඇති හෙයින් ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන බලාගෙන සිටිමු යැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා රටේ සාමකාමී බව ඉදිරි පැවැත්මට ඉතා වැදගත් වන බවද ප්‍රකාශ කළේය.
විශාල විනාශයක් දැනටමත් සිදුවී අවසන් බවද ඔහු කිවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.