ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සිංහල මහ විදුහල ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂක අන්වර්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ආදන් බාවා තවුපික්ගේ ආධාරකරුවන් පිරිසක් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් මුස්ලිම් කොංග්‍රසයේ දෙදෙනෙක් තුවාල ලැබූහ. අතින් පයිනා පොලු මුගුරුවලින් පහර කෑමට ලක්වූ දෙදෙනා රෝහල් ගත කැර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර හොර ඡන්දයක් දැමීමට ආ වැසියෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගහයි බුලත්කොලයයි පුල්මුඩේ දි ගහ ගනියි
නසාර් Saturday, 08 September 2012 02:54 PM
තන්හා පොදි බැදන් ඇන කොටාගෙන අවසානේ මොනවද ගෙන යන්නේ...(ස)
ජූඩ් රොහාන් Saturday, 08 September 2012 03:01 PM
ඇමතිකම් තියෙනකම් ඔය ගහගැනිලි ප්‍රශ්නක් නෙවෙයි. (ස)
සේනානායක Saturday, 08 September 2012 03:03 PM
කොහොමත් බුලත්වලට ගහේ පිහිට ඕනනේ..(ස)
නුවන් Saturday, 08 September 2012 03:16 PM
එක්කෙනෙක්ද හොර ඡන්දයක් දාන්න ආවේ. නැත්නම් මෙලහකටත් දහස් ගණනක් අල්ලන්න වෙනවා. (ස)
දියස් Saturday, 08 September 2012 03:37 PM
මේ දෙන්නටම ඡන්දේ දෙන්න එපා...(ස)
කැටවල Saturday, 08 September 2012 03:44 PM
ජය වේවා !!!!!! (ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 08 September 2012 03:54 PM
බුලත් වැල් යන්නේ ගහේ තමයි..(ස)
සරත් Saturday, 08 September 2012 04:06 PM
නැත්නම් පුදුමයි..(ස)
රාජා Saturday, 08 September 2012 04:08 PM
බලන්න ජනතා සේවයට තියෙන උනන්දුව.(ස)
සුසිල් Saturday, 08 September 2012 05:05 PM
රටට සේවයක් කරන්න ඔච්චරම දගලන්නේ මොනවත් නෙමෙයි කීයක් හරි මහජනයාගේ මුදල් ගසාගන්න.. (නු)
සරසි Saturday, 08 September 2012 05:12 PM
අන්තිමට අපේක්ෂකයෝ දිනලා හොදට ඉදියි. මේ ගහපු කෙනා අත්අඩංගුවේ.. ගුටිකාපු කෙනා රෝහලේ.. (නු)
ලාල් Saturday, 08 September 2012 05:09 PM
කොයි රටෙත් මුස්ලිම අය එක වගේ. (ස)
කුමාර Saturday, 08 September 2012 05:17 PM
මේ සේරටම ගහලා එලවන්න ඇත්නම්...!!(නු)
වාසා ඩයස් Saturday, 08 September 2012 06:08 PM
ඊළග පාර මීටත් අඩුවෙයිද දන්නෙ නැහැ..!!(නු)
යසින Saturday, 08 September 2012 06:21 PM
ලංකාවෙ කොහු ඉදල් එහෙම නැද්ද?(නු)
ගයා Saturday, 08 September 2012 06:31 PM
ඕව ගණන් ගන්න එපා. ගහයි බුලත් කොළෙයි තියෙන්නේ එකම වත්තෙනේ. (ස)