IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’ගහපු ඡන්ද පත්‍රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ’’

(සුජිත් හේවාජුලිගේ)

දැනට  මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාද   මුදල් ලබාදෙන තුරු  බාරදිය  නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී  කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට  අද (17)දැනුම් දුන්නාය.

දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා  බාර දෙන්නැයි  මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව  රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළාය.

දිස්ත්‍රික්ක දාහතකට අදාළ ඡන්ද පත්‍රිකා  මුද්‍රණය අවසන් කර  ආරක්ෂක ගබඩාවේ  තැන්පත් කර  ඇතත් ඒවා මිටි බැඳීම සහ  පොලිසියේ ආරක්ෂාව  යටතේ පරික්ෂා කිරීම තවමත්  අවසන් නැතැයිද  ඇය පැවසුවාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය දැනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 20 ක් පමණ වේ. එහෙත් ඒ මුද්‍රණ කටයුතු වෙනුවෙන් දැනට ලැබී ඇත්තේ රුපියල් කෝටි හතරක පමණ මුදලක් පමණක් බවද  ගංගානී  කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත්  පැවසුවාය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කෙරුණු ඡන්ද පත්‍රිකා සියල්ල  යම් කිසි හේතුවකින් ඒ  මැතිවරණය අවලංගු කෙරුණහොත් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට සිදුවන බව රජයේ මුද්‍රණාලය පවසයි.

එහෙත් උපදෙස් පත්‍රිකා සහ පෝරම පමණක්  වෙනත් මැතිවරණවලට යොදාගත හැකි බවද  සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු ඡන්ද පත්‍රිකා මුද්‍රණයද  මුදල් ලබා දෙනතුරු  ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ( 16) දැනුම් දුන්නාය.



 



අදහස් (8)

’’ගහපු ඡන්ද පත්‍රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ’’

දසුන් Friday, 17 March 2023 03:27 PM

එතකොට ගහපු චන්ද පත්‍රිකා වැඩක් ගැනීමට නොහැකි උනොත් එකේ අලාබෙ ගංගානිට දෙන්න කියමු

:       0       0

විජිත් Friday, 17 March 2023 07:07 PM

මේ නිලධාරිනිය " එදා " කල වැරැද්දක් අල්ලාගෙන ..ඇයගේ ඒ දුර්වලතාවය තමන්ගේ අවියක් කරගත් රනිල් වික්‍රමසිංහ නම් පට්ටහොරු 134 දෙනෙකුගේ චන්දයෙන් ජනාධිපතිවුන මහා බැන්කුහොරා නොහොත් බටලන්දේ මිනීමරුවා ..දැන් ඇයව බියගන්වමින් ඔහුට අවශ්‍ය කාර්යය කරගන්න උත්සාහ කරනවා.හැබැයි එකක් ස්ථිරයි..දවසක රනිල්ව දාලා තියෙන බලු කුඩුව අසලම ඔහුට සහායදුන්න මුදල් අමාත්‍යංශයේ උද්දච්ච ලේකමා , මුද්‍රණාලයේ ලොක්කි සහ පොලිස්පතිගේ බලු කුඩුත් තිබේවි.

:       0       0

chathuri Friday, 17 March 2023 07:22 PM

යකෝ මේකිව කන්න වටිනවනේ.අපෙන් පඩි අරගෙන රනියා එක්ක එකතුවෙලා අපිටම කෙලින්න එනවා.හොඳයි නෝනේ ඔහොම පලයන්කෝ වැඩිය උඩ පැන්නාම ** බිම ඇනෙනවා. බලාගෙන.

:       0       0

anura Friday, 17 March 2023 07:24 PM

පිස්සු හටනක්.මොලේ මස්තබාල්දුවුන එකියක්ද කොහෙද.

:       0       0

Ketipearachchi Saturday, 18 March 2023 12:09 PM

මෙයත් හදන්නේ ඡන්දය කල්දාගන්න... රනිල්ගේම කෙනෙක්...

:       0       6

Rata Perata Saturday, 18 March 2023 05:01 PM

එක පාරක් ගහන්න සල්ලි ඉල්ලුවා. දැන් නිකන් ගහන්න දීලා සල්ලි ඉල්ලනවා. මේ වගේ අය එක්ක රාජ්‍ය ආයතන මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයක්...

:       0       7

විපරමා Saturday, 18 March 2023 07:42 PM

පින් ජනපතියා කිව්වෙත් කල්දාන්ඩ කොහෙන්ද චන්දයක් කියලනේ. මේ අම්මණ්ඩිත් පින් ජනපතියාට හරියන කෙනෙක්?

:       0       0

Akila Saturday, 18 March 2023 08:22 PM

මෙය මෙතන සිල්ලර කඩයක් දා ගෙනද ඉන්නේ ? රජයේ නිලදරියෙක්ට පුලුවන්ද එහෙම සල්ලි ඉල්ලන්න ? ජනතාවගේ මැතිවරණ අයිතිය උදරගන්න හැම නිළදාරියම අනාගතේ දවසක හිරේ ලගින්න බලාගෙන ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site