IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වැසියන්ට එරෙහිව පොලිසියෙන් නඩු දමා ඇතත් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු වෙඩි තබා මරා තවත් විශාල පිරිසක් තුවාල කළ ආරක්ෂක අංශයේ පිරිස් තමන් නිදැල්ලේ සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සේවක සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

රතුපස්වල උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට එරෙහිව පොලිසියෙන් නඩු ගොනු කිරීම හා ගම්වාසීන්ගෙන් වන්දි ඉල්ලා සිවිල් නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක දී ස්ටාලින් මහතා එලෙස කීවේය.

තරුණ නීතිවේදීහු ද, වෘත්තීය සිමිති නියෝජිතයෝ ද, පරිසරවේදීහු ද, රතුපස්වල ගම්වැසියෝ කිහිප දෙනෙක් ද ඊට සහභාගී වූහ.

රතුපස්වල ගම්වැසියකු වන සුරේෂ් පෙරේරා මහතා -

‘රතුපස්වල ජලය අපිරිසිදු වන බවට දීර්ඝ කාලයක පටන් බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමන් නොලැබුණු නිසා අපි පාරට බැස්සා. අගොස්තු පළමු වැනි දා ආරක්ෂක අමාත්‍යංශයේ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව අවසන් වෙලා ඊට සහභාගී වූ ගම්වැසියන්ට කිව්වා ජංගම දුරකතන ක්‍රියා විරහිත කරගෙන යන්න කියා. ඒ අතරේ තමයි වෙඩි තිබ්බේ.

ඉන් පසු දිගටම අපි සටන් කළා. වෘත්තීය සමිති නායකයන් හා මාධ්‍යවේදීන් අපට උදව් කළා. අවසානයේ කර්මාන්ත ශාලාව ඉවත් කර ගන්න සිද්ධ වුණා.

අද වන තුරු තුවාල කරුවන් වෙනුවෙන් මොනවත් කරලා නෑ. වතුර අපවිත්‍ර කළාට කම්හලට එරෙහිව මොනවත් කරලා නෑ. විෂ වතුර බීපු ගම්වාසීන්ට මොනවත් දුන්නේ නෑ. පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කල් ගම්වාසීන්ට අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා යටතේ පොලිසියෙන් නඩු දැම්මා. ගස්ලබු පැලයක් පොඩිකළා කියලත් නඩු දැම්මා. දැන් පංසලකට ගැහුවා කියා පංසලේ හාමුදුරුවන් සිවිල් නඩුවක් දාලා අපෙන් ලක්ෂ 12ක් වන්දි ඉල්ලනවා. ‘

ජෝසප් ස්ටාලින් මහතා -

‘වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගියා. විශාල පිරිසත් තුවාල ලැබුවා. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙලා සිටිය දී රතුපස්වල පන්සලට ගිහින් කිව්වා මාස තුනකින් විසඳුම් ලබා දෙන බව. මහජන සාමය ඇමැතිවරයා වූ ජෝන් අමරතුංග පසුගිය මාර්තු මාසයේ වැලිවේරියට ගිහින් පොරොන්දු වුණා විසඳුම් දෙන බව. අද වනතුරු කිසිම විසඳුමක් නෑ. උද්ඝෝෂණය කළ ගම්වැසියන්ට පමණක් නඩු දාලා.  මේ සම්බන්ධයෙන් ඉදිරියේ සිවිල් සංවිධාන එකතු කරගෙන විශාල විරෝධතාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.‘රතුපස්වල වෙඩි තැබූ හමුදා කණ්ඩායම භාරව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට ගිය ආණ්ඩුවෙන් තානාපති රැකියාවක් දුන්නා. ඔහු පසුගිය දා ලංකාවට ආවා. නමුත් අද වන තුරු අත්අඩංගුවට ගත්තේ නෑ.

වෙඩි තබා සාමාන්‍ය ජනතාව මරා තියෙද්දී මේ ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.

සැප්තැම්බර 15 හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්වා සති දෙකකින් වාර්තාවක් දෙන බව. තවම වාර්තා නෑ.

වැලිවේරිය පොලිසිය සහ මල්වතුහිරිපිටිය පොලිසිය ගම්වැසියන්ට නඩු දාලා. පංසලකට ගැහුවා කියා හාමුදුරු නමක් ලක්ෂ 12ක් වන්දි ඉල්ලලා නඩු දාලා ගම්වැසියන්ට. නමුත් වෙඩි තැබූවන්ට මොනවත් නෑ. මේ ආණ්ඩුවෙනුත් රතුපස්වල ජනතාව පීඩාවට පත් කරනවා.‘

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ද අදහස් දැක්වීය.

_DSC0168 _DSC0177 _DSC0182



අදහස් (0)

‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘

තරංග Monday, 02 November 2015 06:13 PM

ඔබ විමසිල්ලෙන් සිටින්න. ඉදිරියේදී තවත් දේ සිදුවේවි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 November 2015 11:35 AM

යහපාලනය කියා කියා හිටපු අයට කඩේ යනවා.ලැජ්ජයි.(අ)

:       0       0

නාමල් Tuesday, 03 November 2015 01:39 AM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

වරුණ Monday, 02 November 2015 08:28 AM

එ්කතමා අපිත් කියන්නේ යහපාලනයෙනුත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ වගෙයි? (බ)

:       0       0

දහම් Monday, 02 November 2015 08:38 AM

ආණ්ඩු කරන එකයි දේශපාලන පොරොන්දුයි කියන්නේ දෙකක් කියලා දැන්වත් තේරුම් ගන්න. එක නොදන්නා නිසා තමයි බොහොම දෙනෙක් මුලා වුනේ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 November 2015 09:02 AM

සාධාරණය ඉෂ්ට කරන්න ඕන අසාධාරණයක් වුනු අයටනේ. තුවාල වුනේ සිල් ගන්න ගිහින් නෙමෙයිනේ. (ර)

:       0       0

රෝහණ Tuesday, 03 November 2015 06:41 AM

පිවිතුරුගේ කතාව හැමතැනටම සාධාරන වෙන්න ඕනෑ. ඇයි ඊයේ පෙරේදා සිද්ධවුණ දේට විතරක් වෙන විදියකට කතා කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site