IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක්

(අංජුල මහික වීරරත්න)

“ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-)  මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු කෙරිණි.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම අරමුදල පිහිටුවිණි.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා බාර දුන්නේය.



අදහස් (8)

“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක්

ගමයා Thursday, 08 August 2024 02:27 PM

ගාසා ළමයි ගොඩදාලා ඉවරවෙලා වෙලාවක් තිබුනොත් මෙහෙ මන්දපෝෂනෙන් ඉන්න ළමයින්ටත් මොකක් හරි කරපං

:       12       78

Ratha Thursday, 08 August 2024 02:53 PM

වැරැද්දක් කියලා කියන්නේ නෑ ඒත් අපේ රටේ ළමයි මන්දපෝෂණයෙන් පෙළෙන වෙලාවේ අපේ අය ගැන නොසිතන්නේ ඇයි. මේකත් මුස්ලිම් ඡන්ද ගන්න කරන දෙයක්ද .ඒ අය මේක දැකලා ඡන්දෙ දේවි කියලා. එහෙනම් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ කොටසක් නේද.

:       13       63

Asintha Thursday, 08 August 2024 02:58 PM

අනිත් අයගේ ප්‍රශ්න විසදන්න කලින් අපේ රටේ ප්‍රශ්න විසදලා හිටියොත් නරකද?

:       1       2

rattu Thursday, 08 August 2024 03:03 PM

පිනාගේ සාක්කුවෙන් වෙන්නැති සල්ලි දෙන්නේ, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, තවත් අපේ බෙල්ල මිරිකලා බදු ගහපන්.

:       1       1

sene Thursday, 08 August 2024 03:31 PM

කතාව දෝලාවෙන් ගමන පයින්.

:       8       28

Anuradha Thursday, 08 August 2024 06:11 PM

ඩොලර් නෑ කියලා ලංකාවට සල්ලි එවන්න කියන රටේ මේ ඩොලර් කොහෙන්ද ආවේ. අපේ රනිල් වික්‍රමසිංහ ස්වාධීන ඡන්ද අපේක්ෂකයා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වැඩක් නේද සුළු ජාතික ඡන්ද ගන්න කරලා තියෙන්නේ.

:       1       1

sam Thursday, 08 August 2024 09:28 PM

මේ වනවිට ගාසා තිරයේ පවතින යුද්ධය කලාපය පුරා පැතිරයාමේ අවධානමක් පවතින නිසා බොහෝ රටවල් ඔවුන්ගේ පුරවැසියන් ලෙබනනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටියි..

:       0       0

Ruwan De Silva Friday, 09 August 2024 06:45 AM

අනිත් රටවල් වලට උදව් කරන්න කලින් ලංකාවේ 30%කට වඩා මන්දපෝෂණය හැදිලා ළමයි මැරෙනවා මෙහේ ළමයින්ට උදව් කරන්න. අනික නැගෙනහිර මුස්ලිම් ළමයි එහෙමත් ඉන්නවා මන්දපෝෂණය හැදිලා, අපි වැටුනු දවසට එක ඔය පලස්තීනය, ඊශ්‍රායලයවත් උදව් කරන්නේ නෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site