(රංජන් කස්තුරි සහ යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බව ද ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු කීය.
මෙම මිල වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දමා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දමයි
Soma dubayi Friday, 22 April 2022 04:31 PM
මේ සුළු මිල වැඩිවීම මිනිස්සුන්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්.., ඒත් අපි ඔක්කොම රජයට සහයෝගය දුන්නොත් තව මාස දෙක තුනකින් මේකෙන් ගොඩඑන්න පුළුවන්...!
වර්ණකුලසූරියSaturday, 23 April 2022 07:04 PM
ඔබත් රාජපක්ෂ පවුලේ කෙනෙක් නම් ප්‍රකාශය සාධාරණයි. නැතිනම් ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ හොරුන්ගෙන් යැපෙන අයෙක් විය යුතුයි. දැනට ශ්‍රී ලංකාවේ ජීවත් නොවෙන අයෙක් වෙන්නත් පුළුවන්. එහෙත් ලෝකවාසි ජනතාවම ශ්‍රී ලංකාව ගැන කණගාටු වෙන මොහොතක ශ්‍රී ලාංකිකයෙක්ගේ අදහස හරිම කණගාටුයි.
jayasekara Friday, 22 April 2022 04:51 PM
මෙයාට නම් හෙණම ගහනවා... දෙයියනේ මිනිස්සු කොහොමද කන්නේ බොන්නේ..? බෝඩින් වෙලා ඉන්න අයට කඩෙන් කන්නේ කොහොමද? මේ මොන අපරාධයක්ද? බැරිනම් දීලා යවන්නකෝ... අපි කොහොමද කන්නේ බොන්නේ...?
Samantha Friday, 22 April 2022 05:45 PM
අලුත් ඉන්ධන හා බලශක්ති ඇමැති වැඩ බාර ගත්තු ගමන් පෙට්‍රල් 85 කින් (ඉතිහාසයේ දැවැන්තම වැඩිවීම) ගැස් 2500කින්... ඔබතුමා ධීවර වැඩෙත් ඇනුවා. ඔබතුමාට කරන්න බැරිනම් පුළුවන් ඇමති කෙනෙකුට බාරදෙන්න.
Palinda Friday, 22 April 2022 06:23 PM
මෙහෙම කළාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?
චුලාන් Saturday, 23 April 2022 05:03 PM
100% මිල ඉහළ දැමීමක් කිසිසේත් අනුමත කරන්න බැහැ. කිසිම පාලනයක් රජයෙන් නැති බවයි පෙනෙන්නේ...!