(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
සත්‍ය තත්වය කීමට තමා නොපැකිලෙන බවද ඔහු කීවේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
කෙසේ වෙතත් ගෑස් හිඟයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද රටේ ගෑස් පුපුරන්නේ නැතැයිද ඔහු සඳහන් කළේය. ගෑස් සිලින්ඩර සහ උපකරණ සම්බන්ධයෙන් ප්‍රමිතීන් හඳුන්වාදී ඇති බවද ඔහු කීවේය.
ගෑස් හිඟය පරිපාලනමය ප්‍රශ්නයක් නිසා පමණක් සිදු වූවක් නොවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වී ඇතැයිද සඳහන් කළේය.
ගෑස් පිපිරීම්වලින් විපතට පත්වූ ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු තවදුරටත් සිදු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගෑස් මිල ආයෙත් නගී ?