
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ .
කටුගස්තොට වීරකෝන් උද්‍යානය ප්‍රදේශයේ ඇති තරු හෝටලයක සිටින විදේශිකයන් කණ්ඩායමක් ත්‍රිරෝද රථවල ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව පවසා ත්‍රී රෝද රථ විශාල සංඛ්‍යාවක් එම ඉන්ධන පිරවුම් හල අසලට කැඳවා එම ව්‍යාජ ඉන්ධන පෝලිම වීඩියෝ ගත කිරීමට සැලසුම් කොට තිබී ඇත.
ඒ අතර ව්‍යාජ ගෑස් පෝලිම සඳහා දිගන ප්‍රදේශයේ වත්තක කම්කරුවන් 50-60ක පමණ පිරිසක් රුපියල් 2500 බැගින් ගෙවා එම ස්ථානයට ගෙනවත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම වීඩියෝ වැඩසටහන කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මත සිදුකිරීමට කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා බව පොලිසිය කියයි .
සිද්ධිය අනාවරණය වීමත් සමග මහනුවර මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ කටුගස්තොට පොලිසිය එම ස්ථානයට වහාම පැමිණ එම වැඩසටහන නතර කිරීමට පියවර ගෙන තිබෙන අතර ව්‍යාජ ගෑස් පෝලිමේ රැඳී සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට යැවීමට මැතිවරණ නිරීක්ෂණයෙන් නිලධාරීන් සහ පොලිසිය කටයුතු කොට තිබේ .
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
මාලිමාවෙ අපි Thursday, 05 September 2024 05:39 PM
අනේ අපි නම් අව්‍යාජ, හොර බොරු දන්නේවත් නැහැ ඕන්...
රනිල් Thursday, 05 September 2024 05:56 PM
මෙන්න අතේම පත්තුවුණු පුතාණෝගේ වැඩ කිඩ. ඔයිට වඩා හොඳයි හොරසල්ලි අච්චු ගහගෙන, නිධානයක් කඩාගෙන, ගෑණිගේ සැලුන් එකේ වැඩ බලාගෙන ගෙදර හිටියා නම්...!
ANURA ROME Thursday, 05 September 2024 08:51 PM
මේක තනිකරම ජෙප්පොන්ගේ වැඩක්. මේ කාලකණ්නි ගෝඨාභය රාජපක්‍ෂ ආණ්‌ඩුවටත් කළේ ඔය ටිකම තමයි. පාහර වැඩ.
de silva Friday, 06 September 2024 07:16 AM
පාස්පෝර්ට් කන්තෝරු ඉස්සරහ පෝලිම් වල දුක් විදින මිනිස්සුන්ගේ සැප දුක බලන්න , ප්‍රශ්න විසදන්න එක දේශපලුවෙක්වත් යන්නේ නැහැ
අමා Sunday, 08 September 2024 06:33 AM
සිල්ව මහත්තය පාස්පෝට් එකෙත් ඕකම තමයි. ජෙප්පො තමයි එතනත් ඉන්නෙ.