(පද්මසිරි ගාර්දියවසම්)
ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි .
මියගිය අය වීරකැටිය,හිගුරුමුලන බදුගේයායේ පදිංචි 45 හැවිරිදි සිවුදරු පියකු වූ රිදියගමගේ අරුණ ජයන්ත නමැති අය බවට හදුනා ගෙන ඇත .ඔහු කුලියට ගවයන් පටවන්නකු ලෙස රැකියාව කළ අයකු බව ද පොලිසිය කියයි.
වීරකැටිය යක්ගස්මුල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ .ඒ වනවිටත් උදරයට වෙඩි වැදීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා ඔහු මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
මළසිරුර රෝහලට බාරදුන් දෙදෙනා වීරකැටිය පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ . අවුරුදු 38 සහ 43වයසේ පසුවන මොවුන් දෙදෙනා ගව සොරකමේ ගිය සැකකරුවන් බව පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගව හොරුන්ට වෙඩි අයෙක් මරුට
Ruhunu Thursday, 11 May 2023 11:19 AM
එම නිලධාරින්ට අපගේ උත්තමාචාරය...
Pradeep Kumara Thursday, 11 May 2023 12:15 PM
සොරුන්ට නිසි දඩුවම් ලබාදිය යුතු උනත් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ පොලීසිය විසින්ද නැත්නම් වෙනත් පාර්ශවයකින්දැයි හරියටම සදහන් කර නෑ. පොලිසියට උවද හිතූ හිතූ විදියට වෙඩි තැබීම් කල නොහැකියි. පුද්ගලයෙක් මෙල්ල කර ගැනීම සදහා වෙඩි තැබීම් කල හැකි උවත් මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල කිරීම නීති විරෝධියි.
Chathura KumaraThursday, 11 May 2023 02:48 PM
සත්තු හදන්නෙ දරුවො වගේ. ඒ මිනිස්සුන්ගෙ සාපයයි, අහිංසක සත්තුන්ගෙ අදෝනාවයි ඇති ඔය මිනිස්සුන්ට ඔහොම වෙන්න
fairoos Thursday, 11 May 2023 12:43 PM
හොඳ වෙලාවට බමුණු ආරච්චි එතන හිටියේ...
Bunny Preena Thursday, 11 May 2023 01:28 PM
තමාගෙ ආත්ම ආරක්ශාවට කෙනෙකුට පහරදීල ඔහුට තුවාල උනානම් පොලිසිය කරන්නෙ ගහපු එකාව අත්තඩංගුවට ගන්නා එකයි. පොලිසිය කරන්නෙත් මැරවරයන්ව හුරතල් කරන එකයි.
JagathS Thursday, 11 May 2023 01:31 PM
තමන්ගෙ ජීවිතයට වටිනාකමක් නැති නිසානෙ අවදානමක් අරගෙන හොරකම් කලේ. කමක් නෑ
Senarath Thursday, 11 May 2023 03:55 PM
මෙ තක්කඩියො හරක් කි දෙනෙකු මැරයගෙ කටට දක්කන්න අතිද ? ඒ් වගේම අහිංසක පෞවුල් කියක ජිවිකාව නැතිකරල හිගමනට ඇද දමන්න ඇතිද ? ඒ් නිසා කව්රු වෙඩි තිබ්බත් කමක් නැහැ.
චින්තක Thursday, 11 May 2023 06:38 PM
සෙනරත්ගෙ අදහස දැක්කම කලකට පෙර මියගිය කෙනෙක් කියපු කතාවක් මතක් වුනා. ඔහු අන්ත දුප්පත් පාරේ වැටී පොඩිවී ගිය වැල ගෙඩියේ මදුලු පවා ආහාර ලෙසට ගත් අයෙක්. ඔහුට මුස්ලිම් කෙනෙක් කියලා තියෙනවා එක් වයසක අම්මා කෙනෙක් ළග ලොකු හරකෙක් ඉන්නවා .ඒ හරකා අපිට දෙන්නෙ නැහැ .තමුසෙ ගිහිල්ලා කරත්තෙ බදින්න කියලා ඉල්ලනවා. මම තමුන්ට කුලිය දෙන්නම් කියලා. ඉතින් මිනිහා ඒක කරලා හරකා ගෙනවිත් දීලා කුලිය අරගෙන තියෙනවා. මෙහෙම දේවල් කරමින් සිටි ඔහු අන්තිමේ අවුරුද්දක් විතර ඇදේම මළමුත්‍ර්‍රා ගොඩේ දුක්විද මරණයට පත්වුනා. එනිසා මෙතැනත් හරක් ජාවාරම් කල අයටත් ඒවාට උඩගෙඩි දෙන අයටත් චුන්ද සූකර කතාව කියවන්න කියලා මතක්කරනවා