IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගොවි වන්දි දෙන වැඩ පිළිවෙල කැබිනට් මණ්ඩලයට

 

(අංජුල මහික වීරරත්න)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල නිවාස, මහා මාර්ග, කුඹුරු හා වගා භූමි ජලයෙන් යට වීමත්, වැව් අමුණු හා ඇළවේලි විශාල ප්‍රමාණයක් කැඩී යාමත් හේතුවෙන් මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදු විය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2024-12-02 දින වන විට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300 ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති අතර, කුඹුරු අක්කර 86,225 ක් පමණ අර්ධ හානියට ලක්ව ඇත.

 ඊට අමතරව, සුළු වාරි මාර්ග 173 ක් පුර්ණ වශයෙන් විනාශ වී ඇති අතර, 1,148කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ. එසේම, නුවර එළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගා අක්කර 750ක් පමණ විනාශ වී ඇති බවට වාර්තා වී ඇත. තවද, හානියට පත් කුඹුරු වල නැවත මාස 2 1/2 හෝ මාස 3 වී ප්‍රභේදයන් හෝ සුදුසු කෙටිකාලීන භෝගයන් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සපයා දීමට කෘෂිකර්ම දෙපාර්මේන්තුව විසින් කටයුතු කරමින් සිටී.

පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05) දක්වා අක්කරයකට උපරීම් වශයෙන් රුපියල් 40,000/- හා හානි පූරණය ද, එසේම, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකුලුණු සහ සෝයා බෝංචි යන භෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000/-ක හානි පුරණයක් ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන වලින් ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කරනු ලබන බව සඳහන් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අදහස් (1)

ගොවි වන්දි දෙන වැඩ පිළිවෙල කැබිනට් මණ්ඩලයට

Chathura Tuesday, 24 December 2024 11:06 AM

සැලකිල්ලට ගන්නා ලදී මිසක් තීරණයක් ගන්නා ලදී නෙමේද ????

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site