IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොවි ආයතනයට ඇමැති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ  නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල අයකරගෙන නැතැයි පැවසෙන්නේ 2015 මැයි මාසයේ සිට 2018 ජුලි මාසය දක්වා කාලය  වෙනුවෙනි.

එසේම එම හිඟ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයිද  වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එම ආයතනයේ ප්‍රධානීන් පෙන්වා දෙන්නේ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය අනුව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සඳහා එම නේවාසිකාගාරය පාවිච්චි කිරීමට අවසර දුන් බවයි.

කෙසේ වෙතත් ඒ සඳහා බිල්පත් නිකුත් කර නොතිබූ  බවත් නේවාසිකාගාරය කුලියට ගත් නිලධාරීන්  පවා සොයාගැනීමට නොහැකිවී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ඒ වෙනුවෙන්  මුදල් අය කර ගත යුතු වගකීම නිලධාරීන්ද සොයා ගැනීමට නොහැකිව ඇති බව එම ප්‍රධානීහු වැඩිදුරටත් සඳහන් කරති.

මේ තොරතුරු සඳහන් වන්නේ හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ  2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (5)

ගොවි ආයතනයට ඇමැති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක්

Jeppa Saturday, 08 June 2024 12:35 PM

ඉතින් දුමින්ද දිසානායකගෙන් අහපන්කෝ...

:       0       12

Nimal Saturday, 08 June 2024 01:07 PM

ඔය කරලා තියෙන්නේ

:       0       3

පිටරටවැසියා Saturday, 08 June 2024 01:53 PM

ඔය හිටපු ඇමතිම නේද ඒ කාලේම අමාත්‍යංශයට රාජගිරියෙන් හිස් බිල්ඩිමක් අරගෙන කෝටිගණනාවක් නිළියකට ගෙව්වේ. පස්සේ කිසිම හිරිකිතයක් නැතිව එවකට හිටපු යහපාලන අකමැතිගේ එකවුන්ට් එකට බැරකරලා අතහෝදා ගත්තේ... දැන් වැඩ බලන මහලේකම්කමකුත් දරාගෙන නැවතත් වත්මන් ජනපතිට ජැක් එක ගහන්න සැරසෙන්නේ... මොවුන් ඔක්කෝම මෙලොවදීත් විඳවලාම තමයි අපාගත වෙන්නේ...!!!

:       0       9

Kamal Koyrala Saturday, 08 June 2024 03:33 PM

එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ වාචික නියෝගය 2015 මැයි මාසයේ සිට 2018 තෙක් කුවිතාන්සියක්වත් නැතුව හෝ එම නියෝගය ලිඛිත අවසරයක් හෝ නොගත් දේශපාලන හෙන්චයියන් තනතුරුවලට පත් වුණාම රජයේ ආයතන වලට වන දේ පාලනය නොදත් එකී කාලය තුළ සහ මෙතෙක් සියලුම නිලධාරින්ගෙන් අය කළ යුතුයි..

:       0       9

Hafeel Saturday, 08 June 2024 03:57 PM

අන්න මෙම කාලයතුළ තමයි සිරිසේන කිව්වා වගේ රට ගොඩ ගිය කාලය කියලා. දැන් සිරිසේනට තේරනවා ඇති කොහොමද ඔහුගේ කාලය තුළ රට ගොඩ ගියාද කියලා...!

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site