IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාව සීරුවෙන්

(තරංග ගුණරත්න)

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් නිරීක්ෂණයකින් පසු ගුවන් යානා සහ බට පිරිස් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීම හා ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා ඒ සඳහා ගුවන් යානා සහ අදාළ බට පිරිස් ස්ථානගත කර සූදානමින් තැබීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් දකුණු පළාතට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ගුවනින් නිරීක්ෂණය කිරීමේ කටයුතු (3) දින සිදු කරන ලදී.

තවද අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වැඩිම අවදානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් සහ ජනතාව මුදවා ගැනීමේ සුවිශේෂී පුහුණුවක් ඇති ගුවන් හමුදා රෙජිමේන්තුවේ විශේෂ බලකා බට පිරිස් නෙළුව මහජන ක්‍රීඩාංගනයේ ස්ථානගත කර තැබීමට පියවර ගෙන තිබේ.

මෙම කටයුතු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

 



අදහස් (0)

ගුවන් හමුදාව සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site