IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාව මලල ක්‍රීඩාවෙන් රන් පිට රන් දිනයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ  පැවති 57 වන ජාතික කණිෂ්ඨ මලල කී්‍ඩා ශූරතාවලියේ නව තරග වාරථා 04 ක් සමගින්  රන් පදක්කමි 17 ක්,  රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කමි 05 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ   සමත් වුහ.

මෙවර තරගාවලිය සඳහා 38 දෙනෙකුගෙන් සැදූමිලත් ගුවන් හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම   ඉදිරිපත් වු අතර මුළු  තරගාවලිය පුරාම ඔවුන්ගෛ් දස්කම් දැක ගැනීමට හැකිවිම විශේෂත්වයකි. 

මීට අමතරව  23 පහළ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහි කිරීමටද  ගුවන් හමුදාව සමත් විය.

නව තරග වාර්ථා අතරට අවුරුදූ 23 පහල පිරිමි රිටි පැනීම නායක ගුවන් භට සඳරුවන්  මීටර් 4.50 ක දක්ෂතාවයක් පෙන්වු අතර එම වයස් කාණ්ඩයේම කාන්තා මීටර් 5000 නායක ගුවන් කාන්තා ආරියදාස ඒ එන් එල්  විනාඩි 17.17.66  තරගය නිම කරමින් දස්කම් පෙන්වුවාය.

අවුරුදූ 23 පහල පිරිමි මීටර් 10000 නායක ගුවන් භට නවසිංහ එන් එමි සී සී දක්ෂතාවය විනාඩි 31.04.92 යි.  එම වයස් කාණ්ඩයේ කාන්තා මීටර් 10000 නායක ගුවන් කාන්තා ආරියදාස ඒ එන් එල් දක්ෂතාවය විනාඩි 35.49.05 පෙන්වමින් තරගය නිම කළාය.

වයස අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට ජයසිරි සම්මාන හිමි කරගත් අතර  දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා හෙන්ඩර්සන් එචි එන් විසින් සමිමාන හිමිකරගත්තාය.

ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් කේ පතිරන, ලේකමි ගෘප් කැප්ටන් කේ ජී ආර් හේමචන්ද්‍ර, උප ලේකමි ලෙස ස්කෝඩිරන් ලීඩර් එස් වී ප්‍රේමවර්ධන, කාන්තා කණ්ඩායමි භාර උප ලේකම්   ස්කෝඩිරන් ලීඩර් කේ ඩී එචි එචි සී කටුගමිපල,  කළමනාකරු  බලපන්ති සැරයන් ප්‍රසන්න එම් ඒ ඩී සහ නිළධාරීන්ගේ මග පෙන්වීම හා කළමනාකාරීත්වය යටතේ හා ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ අවසරලත් දක්ෂ පුහුණුකරුවන් යටතේ මෙම කණ්ඩායම පුහුණුව ලැබුහ.

 



අදහස් (0)

ගුවන් හමුදාව මලල ක්‍රීඩාවෙන් රන් පිට රන් දිනයි

ඉසුරන්දි Wednesday, 07 May 2014 02:06 PM

හොඳ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවේවා ජාත්‍යන්තරය දක්වා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site