IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගුවන් සමාගමේ ප්‍රධානීන් හෙට කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ගුවන්යානා තවත් විසි එකක් ලබාගැනීමට  කටයුතු කරගෙන යන බවට පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන්  කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප් ) හෙට (20) කැඳවන බව  එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

තමා මේ සම්බන්ධයෙන් අද විගණකාධිපතිවරයා සමගද සාකච්ඡා කළ බව මහාචාර්යවරයා කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් සමග පවත්වන සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු ලබාදීමට කටයුතු කරන බවද  චරිත හේරත් මහතා පැවසුවේය .

මෙහිදී අදහස් දැක්වූ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී .වී  චානක මහතා පැවසුවේ  එවැනි ගුවන් යානා ලබා ගැනීමක් සිදු නොවන බවයි.

" මේ වෙන්නේ රිප්ප්ලේස්මන්ට් එකක්. රජයෙන් සත පහක්වත් ඒකට වියදම් වෙන්නෙ නැහැ" යැයි   ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ගුවන් සමාගමේ ප්‍රධානීන් හෙට කෝප් කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site