ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පූජෝත්සවය අද උදෑසන කොල්ලූපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මුස්ලිම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු විය.
මෙම ආගමික පුජෝත්සවය සඳහා ගුවන් හමුදා අධ්‍යකෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයෝ සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් විරුවෝ සිහි කැරෙති
ඉසුරන්දි Monday, 10 August 2015 08:53 AM
ජාතික එකමුතුව අගය කරමි. (අ)