IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් යානයේ දී තෑග්ගක් දුන් මෝහිණී අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය)

ගුවන් යනායකදී හදුනාගත් පුද්ගලයකුට අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවකු දී පලා ගිය කාන්තාව අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 කාන්තාවක බව පොලිසිය කියයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි , පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර කාන්තාව සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ඉකුත් 25 දා දිවයිනට පැමිණ කළුතර , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මව් රටට එමින් සිටියදී එම ගුවන් යානයේම අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක් හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණ ඇති බවත් පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය කීය.

කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් බොහෝ වේලාවක් නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.

 



අදහස් (0)

ගුවන් යානයේ දී තෑග්ගක් දුන් මෝහිණී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site