IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්?

(ටී.කේ.ජී.කපිල)

අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, ලිඛිත එකගතාවයකට පැමිණ සිටිය දී මේ ආකාරයෙන් ගුවන් යානයක් රඳවා තාබා ගැනීම එසේ මත භේදයකට හේතු වී ඇතැයි ද එම ආරංචිමර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 04 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට  සැළසුම් කර තිබූ බව ද ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .

රුසියාවේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ද එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ සිටි බව ද ඔහු සදහන් කළේය .

එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම , ඒ මගින් රටට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වී ඇති බව එම ප්‍රකාශකවරයා සදහන් කළේය .

මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර , හදිසියේම ඇති වූ යූක්‍රේන - රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබේ .

මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය , රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කර තිබේ .

ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබේ .

මෙයට සම්බන්ධ නීතීඥයන් කීප දෙනකු ඊයේ දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම වාරණ නියෝගය බාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

මෙසේ රදවා ගැනීමට ලක් වී ඇති ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානය මේ වනවිට හත් වතාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

 



අදහස් (9)

ගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්?

මහසෙන් Friday, 03 June 2022 04:09 PM

අඩුපාඩුව රාජ්‍ය ත්‍රාන්තික අර්බූදයක් විතරයි. මේ අස්සේ. මෙතන කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා නම් ඒක කරන්න ඇත්තේ රට්ටු නෙවේනේ. ලොකූ පුටුවල ඉන්න කවුරු හරිනේ... කොහොමත් තවත් ඉල්ලන් කෑමක් ළඟයි වගේ...

:       4       129

බද්රානි Friday, 03 June 2022 04:29 PM

මොනවද මේ බහුභූත කතා? රක්ෂණ වාරිකය නොගෙවනවා නම් ඉන්පසු ඒ රක්ෂණ බලපත්‍රය අහෝසි වෙනවා. ඒ නිසා තමයි මේ ගුවන් සමාගම රුසියානු රක්ෂණ සමාගමකින් ප්‍රතිරක්ෂණය කර තිබෙන්නේ. ඒ නිසා ගුවන් ගමන් සඳහා මේ ගුවන් යානය නීත්‍යානුකූලයි. එම තත්වය තුළ මේ කොහේවත් සිටින විපරිත කාරයින්ට ඒ සම්බන්ධව ඇති ගැටලුව මොකක්ද? මෙහි පිටුපස අනිවාර්යයෙන්ම ලාංකික හොර තක්කඩියෙක් සිටිනවා. මේ ශ්‍රී ලාංකික තක්කඩි ලංකාවට පමණක් නොවෙයි ලෝකෙටම පිළිලයක්...!

:       7       93

KumariSunday, 05 June 2022 08:53 AM

ආණ්ඩුව මෙය දන්නේවත් නැහැ. අරගල සංගමය රටට එරෙහිව ගහන ගේම් එකක්. ද සේරම්ලා මුදලට ඕනෑදෙයක් කරනවා. රන්ජන්ව හිර කරපු අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අරගලයේ අපි නළුවන් පමණි. මූල්‍ය අනුග්‍රහය සහ අධ්‍යක්ෂණය බටහිරින්. මේ එහිම එක කොටසක්...!

:       0       0

නිමල් Friday, 03 June 2022 04:39 PM

ඒවා එහේ බේරගන්න කියලා, රුසියාවත් එක්ක තියෙන මිත්‍රත්වය තියාගෙන ලංකාව මේ ප්‍රශ්නයෙන් ඉවත් වෙන්න ඕනෑ. රුසියාව අපිට ගොඩක් උදව් කරන රටක්...!

:       4       91

Akila Friday, 03 June 2022 04:40 PM

හරීන් ඇමැතිතුමා ලංකාවේ සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත්කරනවා කිව්වේ ඕක වෙන්න ඇති..!

:       5       69

beau Friday, 03 June 2022 05:08 PM

ආණ්ඩුව ඇමෙරිකන් කාරයින්ට වහල්වෙලා තවත් ගොන් වැඩක් කරලා. ලංකාවට අඩුමුදලට ඉන්ධන දෙන රුසියාවට කෙණෙහිලි කරන්න නුඹලා වගේ ඔලමොට්ටලයින් ලංකාවේ උසාවි සහ පාලකයෝ වීම අපේම පූර්ව කරුමයක්ද?

:       5       88

Chandima Friday, 03 June 2022 06:35 PM

රුසියාවෙන් අඩුමිලට තෙල් ගේන්න කරන වැඩේ බකල් කරන්න. දැනට වැඩිමිලට තෙල් ගේන අයට කරන වැඩක්... අපේ රටේ සල්ලි නම් අම්මා, අප්පා වුණත් මරාවි.

:       3       33

Subun Friday, 03 June 2022 06:46 PM

නඩු කාරයාව තෙල්පෝලිමේ තියමු මේ වැඩේට.

:       2       33

ganegoda Saturday, 04 June 2022 01:25 PM

ඔය තෑගි බෝග පගාවල් අරගෙන ඕවා කෙරුවා වගේ නෙවෙයි... ඕවා දිරවනකොට තමයි රඟේ තේරෙන්නේ...!

:       1       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site