
(විමුක්ති එස්. රුද්‍රිගු)
යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලය හතර දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර පරණ ගුවන් තොටුපොළ සහ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතරදී මෙම අනතුර සිදුව තිබේ.
යානයේ ගමන් ගත් මගීන් 68 දෙනා අතර ළමුන් 6 ක් සහ විදේශිකයන් 15ක් සිට ඇත.
නේපාල ජාතිකයන් 53 ක්, ඉන්දියානු ජාතිකයන් 5 ක්, රුසියානු ජාතිකයන් 4 ක්, කොරියානු ජාතිකයන් 2 ක් සහ ආර්ජන්ටිනා, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශ යන රටවල එක් ජාතිකයකු බැගින් ගුවන් යානයේ ගමන් කර ඇතැයි යේටී ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
මුදවා ගැනීමේ මෙහෙයුම් හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සිදුවන බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නේපාල බලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානක් ගිනිගෙන 68 ක් අළුවෙති
sampath Sunday, 15 January 2023 09:04 PM
දැන් ගුවන් යානා නිසි ලෙස නඩත්තු කරන්නේ නැහැ. වියදම් අඩුකරගන්න... අපරාදෙ අහිංසක ජීවිත සමහර ගුවන් යානාවලට නැග්ගාම මොකට ආවද කියලා... ඇඟ හිරි වැටෙනවා... මියගිය හැමෝටම නිවන් සැප ලැබේවා...! මෙවැනි අනතුරු අවම කරගන්න සියලු දෙනාගේ අවදානය යොමුවේවා..!