IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගුවන් ගමන් හතක් අදත් අවලංගුයි

 (ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය .

මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයකි .

ඒ අනුව අද (27 ) අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය , එදිනම අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය  එදිනම දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම  අවලංගු වී තිබේ .

මීට අමතරව අද(27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව එම ප්‍රකාශිකාව පැවසුවාය 

අද(/27) අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන්  පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය .

කෙසේ නමුත්  මේ පිලිබදව අදහස් දැවු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුයේ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06 ක්  අද (27 ) අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද , එම ගුවන් ගමන් අවලංගු වීම් නොව ප්‍රමාද වීම් බවයි

 

 



අදහස් (5)

ගුවන් ගමන් හතක් අදත් අවලංගුයි

Lal Tuesday, 27 February 2024 11:10 AM

මේ ජෙප්පන්ගේ කඩාකප්පල් කාරී වැඩනේද...? ටිකින් ටික ඔලුව උස්සනවාට මොවුන් කැමැති නෑ..!

:       9       1

Ruwan Tuesday, 27 February 2024 11:15 AM

මිනිස්සුන්ට වෙන පාඩුවට වගකියන්නේ කවුද? මේ කරන්න හදන්නේ පෞද්ගලීකරණය සාධනීය දෙයක් කියලා ඔප්පු කරවන්න නේද...?

:       0       7

sam Tuesday, 27 February 2024 12:04 PM

මේ කරන්නේ විකුණන්න කරන සෙල්ලමක්. මොවුන්ට ඕනෙ රටම විකුණන් කන්නයි.

:       0       8

රංබොඩ Tuesday, 27 February 2024 12:08 PM

අපි දැන් තෝරාගන්නේ වෙනත් ගුවන් සේවා...! මෙයාලාට ඒක වහගන්නනේ අවශ්‍ය වෙලා තියෙන්නේ...!

:       0       7

de silva Tuesday, 27 February 2024 01:55 PM

කරුණාකර ගුවන් හමුදාව ඇතුළු රජයේ වෙනත් ආයතන හෝ පුද්ගලික ආයතන සම්බන්ධ කරගෙන කලට වෙලාවට නිසි ප්‍රමිතියක් ඇති යානා ගුවන් ගතකරන්න බලන්න... කරන්න බැරි නම් මේක වහලා දමන්න... මෙහෙම එදාවේල ටුවර්ස් වගේ දුවලා අබලන් යානයක් කඩා වැටුණොත් මනුස්ස ජීවිත විනාශ වෙන බව සිතට ගන්න...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site