IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවක

සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක,  සේවිකාවෝ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ තුළදී අද පෙරවරුවේ විරෝධතාවයක්  ආරම්භ කළහ.

මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින්  සාමාජිකයෝ 3,000 ක පමණ පිරිසක් එක් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතාව කරුවෝ   පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණියහ.

ගුවන් තොටුපොළ මෙම සේවකයොන්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත් , සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයෙන්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසීය.

ගුවන් තොටුපොළ එස්.1 තලයේ සිට එස්.14 දක්වා වැටුප් ත‍ෙවල සේවකන් සිටින අතර , එස්.1 වැටුප් තලයේ සේවකයකුගේ මාසික මූලික වැටුප රුපියල් 1,190/= ක් බවත් එයට ජීවන වියදම් දීමනා සහ අනෙකුත් දීමනා එකතු වීමෙන් එම වැටුප තව ටිකක් දුරට ඉහළ යන බවත් ප්‍රියන්ත මහතා පැවසීය.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම වසරේ සියලු බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 480 ක් උපයා ඇති අතර , මීට අමතරව තවත් රුපියල් කෝටි 100 ක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමක් ද සිදු කර ඇති බව අනාවරණය කළේය.



අදහස් (4)

ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවක

kasun Wednesday, 19 July 2023 06:08 PM

මෙන්න මේ ටික අස්කරලා දාන්න....

:       2       15

nimal Wednesday, 19 July 2023 06:34 PM

බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට unions කොපමණ පිහිටුවාගෙන තිබේද ?10ක් පමණ ඇත, ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය මෙම unions 5ට අමතරව ගුවන් සේවක සංගමය, ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය, ගුවන් සේවා ගුවන් යානා කාර්මික ශිල්පීන්ගේ සංගමය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඉංජිනේරු සංගමය ශ්‍රී ලන්කන් ගුවන් සේවය privatization කලයුතුවේ.

:       0       0

Prase Wednesday, 19 July 2023 06:37 PM

ඔහොම තව ටිකක් සෙල්ලම් දාන්න .වික්කට පස්සේ ඒ දෙන දේ බලන් ඉන්න .නැත්නම් අස්වෙලා යන්න වෙයි .නියම වැඩ්ඩෙක් ඉන්න රට ජනාධිපති

:       0       0

Lal Wednesday, 19 July 2023 07:40 PM

අයිස් කාරයෝ.... ජෙප්පෝ තමයි ඉතින් ස්ට්‍රයික්ස් නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site