IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන්තොටුපොළ ලොතැරැයිය ඇඹිලිපිටියට

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සිව් වැනි වරටත් පැවැත්වු  බී.අයි.ඒ වාර්ෂික නත්තල් වෙළඳ සැණකෙළි  ලොතැරැයි දිනුම් ඇදීමෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්  ඇඹිලිපිටියේ චමිල අසංකට හිමි වු  නවතම මයික්‍රෝ ඊසී -  7 වර්ගයේ මෝටර් රථයේ යතුර ගුවන් තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ  සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසුරිය මහතා විසින් චමිලගේ පියා වන  වල්ලිසාමි මහතාට  බාර දුන්නේය.

 මයික්‍රෝ මෝටර් රථ සමාගමේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ත්‍යාග වශයෙන් බාර දීම සඳහා  එහි  සභාපති ආචාර්‍ය ලෝරන්ස් පෙරේරා මහතාද  මෙම අවස්ථාවට එක්වුවේය.

මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස් පහකි.

කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන මගීන් හට පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්තයන්හි ඇති  තීරු බදු රහිත අළෙවි සැලකින් ඇමරිකානු ඩොලර් 10 යකට හෝ ඊට වැඩි වටිනාකමින් යුත් මිළදී ගැනීමක් කරනු ලැබු මගීන් සඳහා මෙම විශේෂ දිනුම් ඇදීම සිදු කළ අතර එයින් වාසනාවන්තයින් එකොලොස් දෙනෙකු තෝරා ගන්නා ලදී.

 මෙම දිනුම් ඇදීම ස‍ඳහා 2013 වසරේ දෙසැම්බර් මාසයේ සිට  2014 ජනවාරි අවසානය දක්වා මිළදී ගැනීම්  වලංගු විය.

චමිල අසංක මේ වන විට කොරියාවේ රැකියාවක නියුතු අතර ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ කොරියාවට යන අතරතුරදී කටුනායත ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී තීරු බදු රහිත සාප්පුවකින්  මිලදී ගත් භාන්ඩයක්  වෙනුවෙන් මේ දිනුම හිමි විය.

මෝටර් රථය බාර දෙන අවස්ථාවේ චමිලව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට හැකි වු අතර එවිට ඔහු පැවසුවේ මෙවන් දෙයක් තමා සිහිනෙන් වත් නොසිතූ බවයි. තමා විදේශයක  සිටියද  තමන් වෙනුවෙන් මේ කළ සේවය ඉතා අගයකොට සලකන බවද ඔහු වැඩිදුරටත් කීවේය.

ගුවන්තොටුපොළ  පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත වල තීරු බදු රහිත අළෙවිසැල් සමග ඇතිකරගත් සහයෝගීතාවයෙන් මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.

මිට අමතරව මෙහිදී  රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල් ත්‍යාග හිමිකරගත් වාසනාවන්තයින් අතර   ඇහැලියගොඩ චම්පික කුමාර මහින්දරත්න, ගම්පහ බංඩාරවත්තේ එල්.ආර්.පී.ටී තම්ඔුගල, මොරටුවේ අයෝමි  ඉරේෂා උබේරත්න, මහරගම එච්.අයි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්  වන අතර රූපවාහිණී, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරන, ලැප් ටොප්  හා ඩිජිටල් කැමරා දිනගත් වාසනාවන්තයින් අතර  කොළඹ 11 එන්. දේවරාජන්,  පයාගල රුවන් බොලබොටුව, කඩවත සමන්ත ජයමාන්න, රාගම පාරමී ගුණසේකර, මොරටුව ඩී.ජිනදාස, නිට්ටඹුව එස්.ඒ ජයරත්න වෙති.

මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා මයික්‍රෝ මෝටර් රථ සමාගම,නේෂන් ට්‍රස්ට් බැංකුව සහ ඩයලොග් සමාගම අනුග්‍රාහකත්වය දැරීය.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය, විධායක අධ්‍යක්ෂක ජොහාන් ජයරත්න යන මහත්වරුන් ඇතුළු එහි ප්‍රධානීන්ද, මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්‍ය ලෝරන්ස් පෙරේරා  මහතා ඇතුළු තීරු බදු  රහිත සාප්පු හිමියෝද,  ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ඥාතීහු රැසක් මෙයට සහභාගී වුහ.

 


 

 

 



අදහස් (0)

ගුවන්තොටුපොළ ලොතැරැයිය ඇඹිලිපිටියට

ලලිත් අපොන්සු Saturday, 26 April 2014 12:44 PM

ජනතාවගෙන් බදු අරන් අරන් විදේශ විනිමය රටට ගෙන්වා ගෙන ඒ අහිංසකයන්ට මේ වාගේ පොඩි තෑගි ටිකක්වත් දෙන ඒකහොඳ දෙයක් තමයි (අ)

:       0       0

සිරිනන්ද Saturday, 26 April 2014 03:06 AM

ගොඩක් සතුටුයි.(නදී)

:       0       0

සිරිනන්ද Saturday, 26 April 2014 02:22 AM

අපේ දේ අපිට වටියි.(නදී)

:       0       0

රණතුංග Saturday, 26 April 2014 03:11 AM

ත්‍යාග ලැබූ සියල්ලන්ටම මගෙන් සුබ පැතුම් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site