IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුරින් උතුරට හානි

ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 15 ක පවුල් 38,645කට 1,35,547 දෙනකු පීඩාවට පත්ව සිටින අතර මරණ දෙකක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මොවුන්ගෙන් පවුල් 6455 ක 23,652 දෙනෙක් තාවකාලික සහන මධ්‍යස්ථාන 121ක රඳවනු ලැබ සිටිති.

මහනුවර, නුවරඑළිය, පුත්තලම, ගම්පහ, කොළඹ, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මාතලේ, ත‍්‍රිකුණාමලය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ විපතට පත්ව සිටින බව මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.

පීඩාවට පත්ව සිටින්නන්ගෙන් බහුතරය උතුරු පළාතේ වන අතර, එම පවුල් 38,018 ක 1,07,262ක් පීඩාවට පත්ව සිටින බවත් ඉන් වැඩිම පිරිසක් යාපනය දිස්ත‍්‍රික්කයේ බවත් එහි 76,637ක් පමණ දෙනා පීඩාවට පත්වී සිටින බවත් ඔහු කියයි.

මෙම දිස්ත‍්‍රික්කයන්හි නිවාස 213ක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 2964කට අර්ධ හානි සිදුව ඇත.

Flood_2015111716 Flood_2015111715 Flood_2015111714 Flood_2015111712 Flood_2015111713

ඡායාරූප - රොමේෂ් මධුෂංක



අදහස් (0)

ගංවතුරින් උතුරට හානි

අමල් Tuesday, 17 November 2015 11:29 AM

මේ ජනතාවට අපි උදව් කරමු. (ර)

:       0       0

කරුණාරත්න Tuesday, 17 November 2015 11:44 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 17 November 2015 12:08 PM

මේ අසරණයින්ට අපි උදවු කරන්න ඕනෑ (නි)

:       0       0

රසිකා Tuesday, 17 November 2015 05:09 PM

මේ මිනිසුන්ට මේ වෙලාවේ අපේ සහයෝගය අවශ්‍යයි (නි)

:       0       0

රත්න Wednesday, 18 November 2015 04:29 AM

ජාතිබේද, ආගම්බේද, කුලබේද අමතකකර මේ වෙලාවේ ‍මොවුන්ට අපි පිහිටවෙමු (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 06:31 AM

දැන් තමයි විපතට පත් මිනිසුන්ට පිහිට වියයුත්තේ හැමෝම එකතුවෙලා.විශේෂයෙන් ඔය උගුර කඩන් බොරුවට බෙරිහන් දෙන දේශපාලකයෝ හා අනෙකුත් නිලනොලත් ස්වෙච්චා සංවිධාන.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site