සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහන ගාල්ල දෙවට දක්ෂිණ අධිවේගී පිවිසුම අසල වෙරළ තීරයේදී පැවැත්විණි.
පාසැල් සිසුන්, ගාල්ල යොවුන් සේනාංකය, නාවික හමුදව, ගාල්ල මහ නගර සභාව සහ සිවිල් සංවිධාන රැසක් මේ සඳහා එක් වී සිටිනු දක්නට ලැබිණ.
මේ අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතාද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතාද සහභාගි වී සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගාලු වෙරළ ලස්සන කරයි
සිරි Saturday, 24 September 2016 10:06 AM
අනේ මෙහෙමත් සෝබන. මේවා ප්‍රදර්ශන පමණයි. කොළඹ නගරය ලස්සන කළා, මෙහෙම සංදර්ශන නැහැ. නමුත් අද කොළඹ වැසිකිළියක් කරලා හමාරයි. මිනිසුනේ ඇස් අැර බලපල්ලා, මොකක්ද මේ වෙන්නේ කියා? (නි)
ඇන්ජලෝ Saturday, 24 September 2016 01:02 AM
හොඳ වැඩක්. (නි)
මොහොමඩ් පාසිල් Saturday, 24 September 2016 02:57 AM
කළයුත්තේ පොලිතින් ප්ලස්ටික් වැනි ද්‍රව්‍ය වලට නීති සම්පාදනය කිරිම මඟින් දුෂණය පාලනය කිරීමයි. ආදර්ශය හොඳයි. එ්ත් වියයුත්තේ තිරසාර පිළියමක් ගැනීමයි (නි)
ජයන්ත Friday, 23 September 2016 10:30 AM
අපේ අැමතිතුමාලට නම් නැමිලා කුණු අහුලන්න අමාරු ඇති. රේක්කයක්වත් දුන්නා නම්... (නි)
සරත් Friday, 23 September 2016 11:37 AM
අපද්‍රව්‍ය පාරට, ගඟට විසිකරන මිනිසුන්,ආයතන වලට දඩ ගහන්න. ජපානේ සිංගප්පුරුව වගේ හොඳ කළමනාකරණයක් ගෙනෙන්න. අපි පොඩි කාලේ දැකපු, සෙල්ලම් කරපු ලස්සන වැවු, ගංගා දුෂණය වෙලා. දකිනකොටත් දුකයි. (නි)
අමිල Friday, 23 September 2016 12:01 PM
ඕවා එක දවසක් කළාට වැඩක් නැහැ. අපේ අය තරම් පරිසරය ගැන නොසිතන ජාතියක් වෙන නැතුව ඇති. කොහේ ගියත් කාපු තැන ෂොපින් බෑග් විසිකරලා වනසලා යන්නේ (නි)
ආරච්චිගේ Friday, 23 September 2016 01:43 PM
ඉතා වැදගත් සමාජ මෙහෙවරක් (නි)
ගුණසිරි Friday, 23 September 2016 02:02 PM
අපේ රටේ කලාතුරකින් දකින්න ලැබෙන, අසන්න ලැබෙන ඉතාම හොඳ ක්‍රියාමාර්ගයක්. මේක රට පුරාම ව්‍යාප්ත වේවා. (නි)