ශ්රී ලංකාවට ආවේණික ගල් පාඩි මාළුන් 231 ක් කරවිට කන්ද රක්ෂිතයේ කැත්ත වැටුණු දොළෙන් ඇල්ලු දෙදෙනකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා රුපියල් හැත්තෑඑක්දහස් අටසීයය බැගින් දඩ නියම කළේය.
එම මාළුන් මීගමුව සංචාරක හෝටලයකට රගෙන යාමට සුදානම් කැර තිබිණි.
කනපති විජයරාජන් (38) හා රාසයියා රණසිංහට මේ දඩ නියම විය.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් පාඩින් අල්ලා ඔළුව ගලේ ගසා ගනී
චන්ද්‍රා Friday, 04 April 2014 06:43 AM
අනේ! මාලු ටිකත් වඳකරන වැඩක්.කන්න නැහැ අඳින්න නැහැ කියලා හොඳ හෝ නරක මොකක්ම හරි දෙයක් කරන්න වටිනවද? (නි)
ජයසේන Thursday, 03 April 2014 03:02 PM
අතට අහුවෙන ඕන දෙයක් ඒවායේ ඇති පාරිසරික, ඓතිහාසික, සමාජයීය, සංස්කෘතික වටිනාකම් ගැන හිතන්නෙ නැතුව මේ විකුණන්නෙ තමන්ගෙම දරුවගෙ අනාගතේ කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති මෝඩ මිනිස්සු.... මොනව හරි කරල සල්ලි හොයන්න මිනිස්සුන්ව පුරුදු කරන මේ සමාජ-ආර්ථික ක්‍රමය වෙනස් කරන්න කාලය ඇවිත්.(ස)
දිල්ෂාන් සමිත Thursday, 03 April 2014 03:24 PM
චන්දන කලංසූරිය මහත්තයා කලේ හොඳ වැඩක්. එතුමා කවදත් රටට ආදරෙයි. (ස)
ක්‍රිෂාන් Thursday, 03 April 2014 03:26 PM
එක ගල් ගල් පාඩියකුට රු. 310.82 බැගින් ! (ස)
ලෝචන Thursday, 03 April 2014 06:35 PM
ලොකු ලොකු දඩ ගැහුවොත් මිනිස්සු මෙහෙම වැරදි කරන්න බය වෙනවා (නි)
සුලෝච් Thursday, 03 April 2014 06:35 PM
අනේ දිල්ෂාන්, සමිත,මේකට උත්තරයක් දීලා ඊට පස්සේ අදහස් දාන්න. කෝ ලංකාවේ ජීවත්වෙන්න මාර්ග? ඉතින් මිනිහෙක් වැවකින් මාලුවෙක් ඇල්ලුවත්,ඒක ලොකු වරදක්ද? (නි)
නිර්මල Thursday, 03 April 2014 07:43 PM
ෂා! නියමයි සුලෝච. ඔබතුමාගෙ ගෙදරට හොරෙක් පැන්නමත් "කෝ ලංකාවේ ජීවත්වෙන්න මාර්ග? ඉතින් මිනිහෙක් හොරකමක් කළත් මොකද?,ඒක ලොකු වරදක්ද?" කියලා සතුටින් ඉඳියි නේද? (නි)
නිරංජනී Thursday, 03 April 2014 07:53 PM
දැන් මිනිස්සු කරන්න දෙයක් නැතිකමට ගල් පාඩිනුත් අල්ලන්න පුරුදු වෙලා (නි)
නීලා Thursday, 03 April 2014 07:58 PM
අනේ! සුලෝච් අහගත්ත දේ මදැයි. හොඳ වැඩේ පණ්ඩිත කතා කියනවට (නි)
සුනෙත් Thursday, 03 April 2014 08:04 PM
දැන් ලංකාවට ආවේණික මසුන් ගණන ඉතාමත්ම අඩු අගයකයි පවතින්නේ (නි)
ධම්මික Thursday, 03 April 2014 08:45 PM
ඒ ගමන්ම හෝටලෙත් වැටලුවනම් ආණ්ඩුවට තව ලොකු දඩයක් ගන්න තිබුණ . මේ අහිංසක මාළු වතුරට කකුල් එබුවාම ඒව ලෙවකනව . මේක මසාජ් කිරීමක් කියල හෝටල් කාරයො ඒකට රුපියල් දහස් ගණනින් අයකරණව . මාළු නොගෙන ඒ වැඩේට මේ හොට්ල්කාරයොම යොදවන්න බැලුවෙත් නරකද ?(දී)
ගුණවර්ධන Thursday, 03 April 2014 10:14 PM
සුලෝච් මල්ලි, ආවට ගියාට අනං මනං අදහස් දාන්නේ නැතුව මිත්‍ර ජයසේන කියන එකයි, නිර්මල කියන එකයි ගැන හිතන්න ටිකක්. ඒ වගේ දේවල් කොච්චර වෙනවද? මේ දෙන්නත් කියන්නේ ඇත්ත නේද? ඔබට ජය! (නි)
ජනා Thursday, 03 April 2014 02:18 PM
ඇයි මේ ලංකාවෙ මිනිස්සු මේ තරම්ම හොර වැඩ කරන්න යොමු වෙන්නෙ. ඒ ගැනත් හොයල බැලුවොත් නරකද? (ස)