IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගල්කිස්සේ වැලිපරය ප්‍රතිනිර්මාණය වෙලා

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිනිර්මාණය වී ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි.

කෙසේ වෙතත් ව්‍යාපෘතියට අදාළව සාර්ථක තැන් අසාර්ථක තැන් වැරදුණු තැන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ආචාර්ය සුගත් යාලේගම මහතා කියයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය සැකසීම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

ගල්කිස්ස හෝටලය ආසන්න වෙරළ කලාපයේ මුහුදු තරංග හේතුවෙන් අධිකව ඛාදනයට ලක් වී තිබුණු හෙයින් වැලි ප්‍රවාහය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැවැත්වුණු බව ව්‍යාපෘතියේ නිවැරදි තැන් ලෙස හුවා දක්වමින් පැවසූ ඒ මහතා ගල්කිස්ස වෙරළ තීරය භාවිතා කරන සංචාරකයින් සහ දුම්රිය මගින් මෙන්ම හෝටල් හිමියන්ගෙන් වරින් වර ලැබුණු ඉල්ලීම් මෙන්ම වෙරළ රැක ගැනීමේ අවශ්‍යතාව නිසා මෙම වෙරළ තීරය සැකසීමේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කළ බවද පැවසීය.

වෙරළ ප්‍රතිපෝෂණයට පෙර

 

වෙරළ ප්‍රතිපෝෂණයට පසු



අදහස් (8)

ගල්කිස්සේ වැලිපරය ප්‍රතිනිර්මාණය වෙලා

Susantha Sagara Monday, 29 March 2021 03:09 PM

සමගි ජන බලවේගේ මිනිස්සු මේ ගැනත් කතා කළොත් හොඳයි. පොළවේ හැපි හැපී මිනිස්සු අන්දන්න හැදුව හැටි මතක් වෙනවා. ඒ දවස් වල මේක කරද්දී. ඕන දේටයි එපා දේටයි මිනිස්සු කුලප්පු කරන්න හදපු ඈයොන්ට ඔන්න ඇස් පනාපිටම උත්තර.

:       11       12

we report you decide Monday, 29 March 2021 03:27 PM

හොඳ වැඩක්, දැන් තියෙන්නේ බැනපු උදවියට ඇවිත් ආයෙත් වතාවක් වීඩියෝවක් කරලා කියන්න සාර්ථකභාවය. මුල්ම කාලේ මෙම රජයේ සේවකයින් අසාර්ථක වුනා කියල ටීවී වල ,ටීවී වල පැය ගණන් දොස්මුරේ තියපු චැනල් දැන් සාර්තකවුන තැන ඔවුන්ව පසසීමත් කලයුතුයි. නැතිනම් ඔවුන්ගේ මාධ්‍යකරණය ගැන ජනතාව තීරණය කරනු ඇත මේ දිනවල කිරින්ද ගැන කියන කතා ඇත්තද නැත්තද කියලත් ඒ සමගම දැනගත හැකයි .

:       1       1

Keerthii Monday, 29 March 2021 11:55 PM

වෙනදාත් ඔය වැලිපරය මේ කාලයට තිබුණා.. මේ දවස්වල මුහුද සැර නැහැ. මේ සීසන් කාලේ මීගමුවේ ඉඳලා මාතර වෙනකන් දිගටම වැලිපරය තියෙනවා. ගසා කාපු 890,00,000 වැලි නොවෙයි ඔය තියෙන්නේ...

:       1       1

sharm warn Tuesday, 30 March 2021 09:09 AM

වැලි පරය ප්‍රතිනිර්මාණය වෙච්ච වේගෙට වැසි වනාන්තර නිර්මාණය වෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් සද්දෙන් කියන්න. නැතිනම් අපේ පරිසර ඔස්තාර්ලා කියයි ස්වභාවික වනාන්තරත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ නිසා ඒවායේ ගස් කැපුවාට කමක් නැහැ කියලා.

:       2       4

BamunuarachchiWednesday, 31 March 2021 10:58 AM

එතකොට ඔය තිබෙන වනාන්තර හැන්දෙන් ගෙනාපුවද? ඔය වනාන්තරත් අවුරුදු 100-200 යනකොට ප්‍රතිනිර්මාණය වෙනවා.

:       0       0

Rata Perata Tuesday, 30 March 2021 12:10 PM

හැම වැඩේටම බයියෝ වගේ කෑගහන්න ඕනෑ නැහැ. වැඩේ හරියට කරන්න තමයි ඡන්දෙ දීලා යවලා තියෙන්නේ. අනිත් එක අපේ බදු සල්ලිනේ.. වියදම් කරන්නේ. ඉතින් එකඑකාගේ පස්සෙන් යන්න ඕනැ නැහැ.

:       4       6

BamunuarachchiWednesday, 31 March 2021 10:56 AM

මේ වෙරළ ප්‍රතිනිර්මාණය කලේ රජය නොවෙයි ස්වභාවධර්මයයි. වර්ෂයේ එක කාලයක මුහුදු ඛාදනය ඇති වෙනවා... අනික් කාලයට ඛාදනය වූ ප්‍රදේශයට වැලි ගොඩගහනවා. ඒ ගොඩ ගසන්නේ වැලි තවත් ස්ථානයක් ඛාදනය වීමෙන් ලැබෙන වැලි. ස්වභාවිකව ඛාදනය වෙනවා නම් වැලි ගෙනත් දමා රැකගන්න පුළුවන් කමක් නැත. ගොන්පාට් තමයි හරි නැත්තේ...

:       0       0

W.M.N.Wickramasinghe Friday, 16 April 2021 11:00 PM

අහන්නත් සතුටුදායක දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 601 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site