ගාල්ල ධීවර වරායේ කලමණාකරු මාරුකර වෙනත් අයකු එම ධූරයට එවීම පිළිබඳ විරෝධය පලකරමින් ගාල්ලේ ධීවරයෝ අද ගාලු මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පවසන්නේ හිටපු කලමණාකරු ධීවරයන් සමග යහපත් සම්බන්ධයක් තිබූ බවයි. අලුතෙන් එවූ කලමනාකරු සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇතැයි ධීවරයෝ කියති. ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඒ මහතා කියා සිටියේ ගාල්ල වරායේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් හිටපු කලමණාකරු තාවකාලිකව වෙනත් වරායකට මාරුකැර යැවූ බවයි. අලුතෙන් පත්කළ කලමණාකරු සම්බන්ධයෙන් ධීවරයන්ට ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කළහොත් වෙනත් අයකු ලබාදීමට හැකියාව ඇති බව ද ආචාර්ය ප්‍රනාන්දු මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ධීවරයෝ පාර වසති