(යොහාන් භාසුර)
ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සේවකයන් පිරිසට වැටුප් සහ අතිකාල දීමනා ලෙස මසකට රුපියල් මිලියන ගණනක මුදලක් නිකරුනේ ගෙවීමට වරාය අධිකාරියට සිදුවී ඇති බව ගාල්ල වරායේ එම උසස් නිලධාරියා කීය.
අදාල සේවකයන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස සේවයට වාර්තා කර අතිකාල දීමනා ද ලබන බවත් එම වරායේ සිසු සේවකයන් පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණ යෙදුව ද මෙම සේවකයන් පිරිස පැමිණීමේ පොතක අත්සන යෙදීම පමණක් කරන බව ද එම නිලධාරියා කීය.
මෙම සේවකයන් පිරිසෙන් ඇතමෙක් වරාය තුළ සුළු සුළු රාජකාරි කර කාලය ගතකර අතිකාල ද අනුමත කරගෙන පිටව යන බවත් තවත් සේවකයන් පිරිසක් පැමිණීමේ ලේඛනය අත්සන යොදා නිවෙස් බලා පිටව යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සේවකයන්ට ගෙවනු ලබන වැටුප සහ අතිකාල දීමනාවට සමාන සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන් වෙනත් වරායන්ට මාරු කිරීමට උත්සාහ කළ ද ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකුගේ මැදිහත් වීමෙන් එම උත්සාහය නතර වෙන බව කී එම උසස් නිලධාරියා මේ ආකාරයට වරාය අධිකාරිය නිකරුනේ වැටුප් සහ අතිකාල දීමනා ලෙස විශාල මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක්
Shashika519 Thursday, 22 December 2022 01:24 PM
මීළඟ අගමැති වජිර අබේවර්ධන...!
සමන්ත Thursday, 22 December 2022 04:08 PM
ගාල්ලේ ප්‍රභලයෙක් නම් දැනට සිටින ඇමති පතිරණ වෙන්න බැරිද
Rex Thursday, 22 December 2022 02:02 PM
ඒ් උනාට හදිස්සියෙවත් නැවක් ආවොත් කට්ටිය ඉන්න එපැයි . ඔයාලනම් කියයි
Ruwan R Thursday, 22 December 2022 02:14 PM
මේ වගේ බ්‍රොයිලර් ෆාම් රටපුරා රජයේ ආයතනවල තියෙනවා. 5 දෙනෙක් එන්නේ නැති රැස්වීමට 100-1000 ගණන් සෙනඟ පෙන්නන්නේ මේ ගොල්ලෝ අරන් ගිහින් තමයි. රට කනවා.
Perera Thursday, 22 December 2022 09:45 PM
ජනමතයක් නැතුව ජනපති වෙන්න පුලුවන් රටක වැඩ නැතුව අතිකාල ගන්න එක වැරඩිද?????
arschfikaa Thursday, 22 December 2022 11:35 PM
ඉතින් ඔය නිකන් පඩි ගන්න එවුන් සේරමලාම ගාල්ලේ සිංහල සුරුට්ටුවන් නේද?ඉතින් ලංකාවේම මුස්ලිම් අය වැඩිපුර ඉන්න ගාල්ලෙන් කිසිම මුස්ලිම් අධිකාරිවරයෙක් ඇයි තොපිලා අද වෙනතුරු පත් නොකළේ?