IMG-LOGO

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා

 

(අංජුල මහික වීරරත්න)

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම  ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබෙි.

අස්වැන්නක් ලබා ගැනීමට නම් ප්‍රබල වල්පැළැටි නාශකයක් වන ග්ලයිපොසේට් තහනම් කිරීමේ ගැසට්ටුව ඉවත් කළ යුතු බවට කෘෂි විද්වතුන්, ගොවි නියෝජිතයින් , ගොවි සංවිධාන මෙන්ම බීජ හා පැළ නිෂ්පාදකයින්ගේ සමිති හා බඩඉරිගු ආනයනකරුවන්ගේ සංගමයේ  අදහස් හා යෝජනා සලකා බලා මෙම පියවර ගෙන තිබේ.



අදහස් (8)

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා

ganegoda Wednesday, 03 August 2022 12:35 PM

මුළු ලෝකයම ග්ලයිෆොසෙට් ඉවත් කරගත්තද තාම අපේ රටේ තමයි ඒ ගැන කියවා කියවා කාලය කන්නේ.

:       2       5

BamunuarachchiWednesday, 03 August 2022 06:32 PM

බොහෝ ගොවියෝ තමාගේ පවුලේ පරිභෝජනයට වෙනම ලියැද්දක දෙකක බිම් කොටස වී වගාව කරන බව දන්නවද? ඒවාට ඔය විෂ ද්‍රව්‍ය යොදන්නේ නැත...

:       0       1

ravin Wednesday, 03 August 2022 01:32 PM

තහනම ඉවත් කළත්, රාජ්‍ය කෘෂි උපදේශකවරුන්ගේ දැඩි පාලනයට යටත්කොට නැවත නිකුත් කළොත් තමයි හොඳ... නැතිව පෙර පරිදි ඉවක් බවක් නැතිව කෘෂි රසායන යෙදීමට පටන්ගත්තොත් පෙරට වඩා දරුණු ලෙස මිනිස් ජීවිත වලට බලපායි...

:       0       0

BT Wednesday, 03 August 2022 01:36 PM

එම අඥානවන්ත යෝජනාවට පක්ෂ අයට ඒ අයගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කිසිම අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැතිදැ’යි ගැටලුවකි. එසේත් නැතිනම්, ඔවුන් අනෙකුත් අයට වස විස මුසුවූ බවබෝග අලෙවි කරන අතර, තමාගේ පෞද්ගලික පරිභෝජනයට වසවිසෙන් තොර වගාවන් පවත්වාගෙන යනවාදැ’යි සැකයක් මතුවේ. කෙසේ වෙතත්, ප්‍රමාද වී හෝ සෙසු ජනතාව වස විසවලින් තොර ගෙවතු වගාවට නැඹුරුවීම ඔවුන්ගේ ශරීරවලට ගුණදායක වනු ඇත.

:       0       0

ජයේ Wednesday, 03 August 2022 02:11 PM

වල් සමග පසත් විනාශ වෙයි. දැන් කුඹුරක ඉපනැල්ලෙ මුකුණුවැන්න ගහක් හරි හැදෙනවා. එපා එකටයි ඕනැ එකටයි පහසුවට දෙකටම මිනිස්සු පොහොර ඉහිනවා. මිදුලෙ වල් මර්දනයටත් සමහරු ගහනවා. කල්පනා කරල කළ යුතු වැඩක්.

:       0       5

පුරවැසියා... Wednesday, 03 August 2022 04:01 PM

තම ක්ෂේත්‍රයට බාහිරව යමින් හිටපු ජනාධිපතිවරයා නොමග යැවූ පාර්ශ්වවලින් උපදෙස්නො ගෙන කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම සුදුසු වනු ඇත. කාබනික ක්‍රමවේදය ඉතා සුදුසු වන මුත් එය එක් රැයකින්, එක් වසරකින් වෙනස් කිරීමට නොයා මහාචාර්ය උදිත ජයසිංහ මහතා පෙන්වා දෙනු ලැබූ අන්දමට වසර දහයකින්වත් පරිවර්තනය විය යුතුය.

:       0       0

fairoos Wednesday, 03 August 2022 05:24 PM

කෘෂිකර්මාන්තය විනාශ කරපු ගෝඨාභයටත් එන්න කිව්වා නම් හරි...

:       0       0

BamunuarachchiWednesday, 03 August 2022 06:35 PM

මෙන්න කෘෂි උපදේශක කෙනෙක්. මස්කඩ බිස්නස් එක නවත්තලා වගෙයි...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 382 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site