IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ.

එම ස්ථානයට එක්ව සිටි අරලගයේ ක්‍රියාකාරිකයෝ ඉටි පන්දම් දක්වමින් ‘අරගලයට’ සහභාගි වී සියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ පිරිස සිහිකළහ.

ඡායාරූපය:

අරගලයේ ක්‍රියාකාරිහූ ඉටි පන්දම් දල්වමින් මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ අරගලකරුවන් හිසිකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (9)

ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති

prasanna Friday, 09 December 2022 08:38 PM

ආපහු ගම කන්න ඇවිල්ලා.

:       34       18

fairoosSunday, 11 December 2022 02:09 PM

නුඹලා වගේ වහල්ලු නිසා තමයි රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නේ... නන්දදේන සහ සෙට් එක රටට කරපු විනය තමයි නුඹත්, මමත් දැන් අත්විඳින්නේ... අරගලයට ජයවේවා..!

:       11       8

යෝගා Saturday, 10 December 2022 06:21 AM

මේ ඉන්නෙ මාසෙ පඩියට අරගල කරන සෙට් එක වෙන්න ඕන. රැට්ටලට, දමිතලට නම් කුට්ටිය එකපාරටම දුන්නනෙ.

:       33       21

මැක්ස් Saturday, 10 December 2022 07:54 AM

එල්ටීටීය ද මහවිරුවන් සිහි කිරීම යනුවෙන් නම් කරමින් වසරක් පාසා මියගිය ත්‍රස්තවාදීන් සිහි කරති. ජවිපෙ සහ පෙරේට්ටන් ද වසරක් පාසා අප්‍රිල් මාසයේ සහ නොවැම්බරයේ තමන්ගේ ත්‍රස්තවාදීන් සිහි කරති. එසේම, මෑත දේශපාලනයේ අසාර්තකම, පාදඩ සහ සැලසුම් රහිත ක්‍රියාවලිය වූත්, "අරගලය" යන වචනයට නිග්‍රහයක් වූත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පරගලයක්" වූ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ප්‍රහසනය ඊට නියමිත අවසානය කරා ළගා වුවත්, එය සමරමින් බඩ වඩා ගන්නා පිරිසක් සිටීම අරුමයක් නොවන්නේ "හිට්ලර්" සමරන්නන් ද ඉදහිට සිටින බැවිනි.

:       44       17

UK RAN Saturday, 10 December 2022 09:53 AM

ඔය සෙට් එක නිසා කොච්චර විනාශයක්ද උනේ.

:       46       21

විපරමා Saturday, 10 December 2022 04:50 PM

ජනතාවගේ ඡන්දෙන් බලය අරන් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත බලලෝභී පවුල් පාලනේ අයව පන්නා දාපු එකම මදිද?

:       7       15

වපර ඇහැSaturday, 10 December 2022 06:17 PM

ඡන්දෙන් බලයට ආපු අයගෙන් පිනට දෙනදේම අවුරුදු ගානක්ම කළා.. රටම රවට්ටපු, මහපාරට ඇවිල්ලා කුලියට උද්ඝෝෂණය කරලා කරපු අහේනියක මහත... බඩට වැදෙන ගහන බදුවලින්ම කරන්ට් වැදිලාම දැන් විපරමාට වපර ඇහෙන්ම පේනවා ඇති නේද..?

:       31       8

ගමේ එකාලා Saturday, 10 December 2022 07:04 PM

වහලෙක් වගේ. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත දේශපාලුවන් ඉන්න කරපු වැරැදි තීරණ තීන්දු නිසා. වපර ඇහෙන් බලන කොට ඔහොම්ම තමයි...

:       6       9

sharm warn Monday, 12 December 2022 02:57 PM

එදා මිනිස්සු මාස ගාණක් පාරේ ඉඳගෙන උද්ඝෝෂණය කළේ මොකක් වෙච්චි නිසාද කියලාවත් මතක නැති අමනයින් ඉන්න රටක කවදා සංවර්ධනයක් දකින්නද? උදව් ගන්නේ මේ රටේ ජාතික ධනය අර දියවන්නාවේ ඉන්න පාදඩයින් ටික මංකොල්ල කෑවා කියලාවත් මතක නැද්ද? 

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site