ගල්පාත රෝහගේ ගිලන්රථය කළුබෝවිල රෝහලට ගොස් එන විට පිලියන්දල බටුවන්දර ප්‍රදේශයේ දී මෝටර් රථ දෙකකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් ගිලන් රථ රියදුරාට හා සහායකයාට තර්ජනය කර පහර දී ඇති බව පිලියන්දල පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට හය දෙනෙකු අද (05) අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පහර දුන් පිරිස අතර පාසල් සිසුන් දෙදෙනෙක් සිටින බවත් අදාල අවස්ථාවේ පිරිස බීමත්ව සිට ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්පාත ගිලන් රථයට ප්‍රහාරයක් : හයක් සැකපිට
ජනහිත Saturday, 05 March 2016 08:15 PM
මිනිසුන්ට නම් පිස්සු හැදිලා වාගේ. තියන පිස්සුව ඩබල් වෙනවනේ මත් වතුර ගත්තහම. ලංකාව හරිමඟට ගන්න ලොකු වෙනසක් කරන්න වෙයි වගේ. දේශපාලකයෝ ඇතුළෙත් පිටත් පිස්සු නටනකොට හෙන්චයියෝ පිට බාල්දි පෙරළනවා වගෙයි. දිනපතාම පත්තරේ බලනකොට තියෙන්නෙම අසතුටුදායක පුවතක්. කණගාටුයි. මෙය මඟහැර ගැනීමට අපි කවුරුත් එකතුවෙලා කටයුතු කළයුතුයි. හිතන්නත් , කරන්නත් කාලය ඇවිත්. නැත්නම් ඔඩුදුවයි (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 05 March 2016 08:54 PM
පරාක්‍රම, ඔයාලා කිසිම දෙයක් කරන අය නෙමෙයි. ඒ වුණාට බලන්නේ මේකේ අදහසක් දාලා හරි මිනිසුන් උසිගන්වන්න. ඔයාලා හිතා ඉන්නේ මෙතන අදහසක් දාලා ලංකාවේ මිනිසුන් බ්‍රේන්වොෂ් කරන්න පුළුවන් තරම් එයාලා මෝඩයි කියලද? (නි)
අබය Saturday, 05 March 2016 09:09 PM
මේ ගිලන් රථයත් ඉන්දියාවත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි මට වැටහෙන්නේ නැත. කෙසේවෙතත් අපේ සමහරුන්ගේ ඔලු නම් හැදිය යුතු බවයි පෙනෙන්නේ (නි)
ලලිත් Saturday, 05 March 2016 09:31 PM
සැක කර කර ඉන්නේ මොකටද? වැඩේ විශ්වාස නම් සැඟවූ අවි පෙන්නන්න එක්කගෙන යනවා මිස වෙන මොනවා කරන්නද? (නි)
ඉන්දු Sunday, 06 March 2016 02:45 AM
චන්දන ඔස්ට්‍රේලියා නම් ඉන්දියාවේ ගිලන් රථ එනකම් බලාගෙන ඉන්නවා වගේ. කොහොම වුණත් ගිලන් රථයකට ප්‍රහාරයක් එල්ල කරන තරමට අපේ මිනිසුන් පහතට වැටිලද? මේ පිටුපස වෙන සිද්ධියක් ඇති සමහරවිට. (නි)
සමන් Thursday, 10 March 2016 11:57 AM
මෙම සිද්දියේ ඇත්ත නැත්ත ගැන සොයා බලන්න.(හේ)
අජිත් කරුණාරත්න Sunday, 06 March 2016 04:13 AM
පහර දෙන්න පැමිණි වාහන තුන හතර දැක්කහම නම් හිතෙන්නේ අපි වගේ පොඩි මිනිසුන්ගේ වැඩක් නොවෙයි වගේ. ඇරත් පොඩි මිනිස්සු ඔය වගේ පහත් තිරිසන් වැඩ කරන්නෙත් නැහැනේ. (නි)
අන්වර් Sunday, 06 March 2016 05:02 AM
මොන ප්‍රශ්න තිබුණත් ගිලන් රථයකට පහරදිම වැරදියි. ඒක ජාතික දේපළක් (නි)
සරත් Sunday, 06 March 2016 06:06 AM
මේවා කාලයට ඔබින සිද්ධීන් වෙන එක පුදුමයක් නොවේ. මේවා දිහා කෙළින් බලන්න. යහපාලනය වරද්දා ගත්තා නේද? (නි)
බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 06:07 AM
මේ ගිලන් රථයේම දාගෙන මේ අයවත් අංගොඩ ගෙනියන්නයි තියෙන්නේ (නි)
ශාන්ත ලාල් Saturday, 05 March 2016 12:51 PM
ඉන්දියාවට ලංකාවෙන් ප්‍රහාරයක්ද? (බ)
අන්වර් Saturday, 05 March 2016 01:06 PM
ලංකාවේ තිබෙන නීතිය ප්‍රමාණවත් මදි. මේ අයට නීති හදලා හෝ දැඩි දඬුවම් දෙන්න ඕන (බ)
රොහාන් Saturday, 05 March 2016 01:16 PM
ඉන්දියාවෙන් අවම කරන දේට පෙරහුරුවක් වෙන්න ඇති (බ)
චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 05 March 2016 01:19 PM
ශාන්ත ලාල් ඉන්දියාවට ලංකාවෙන් ප්‍රහාරයක් කියල මෙහෙ තියෙන ගිලන් රථ වලට ගහල හරියනවද? ඕව හොදයි හින්දි ෆිල්ම් වලට. ඔයාලගේ ඔලුව වෙනස් කරන්න ඕන මුලින්ම (බ)
ආනන්ද ආර් Saturday, 05 March 2016 01:55 PM
කොටි ත්රස්තවාදීන්ගෙන් පසුව මෙවැනි ප්‍රහාරයක් ගැන ඇසූ පළමු වතාවයි. තරාතිරම නොබලා මෙම ම්ලේච්ඡයින්ට දඬුවම් කළයුතුයි. (නි)
උපාලි Saturday, 05 March 2016 02:23 PM
මේ සිදුවීම පිටුපස වෙනත් බරපතල සිද්දියක් තියෙන බවයි පෙනෙන්නේ. බීමත්ව හිටිය වුනත් නිකම් පිස්සුවට ගිලන් රථ වලට ගගහ යන්නේ නැහැනේ කවුරුවත්. (කෞ)
සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 02:29 PM
වාහන වලින් ඇවිත් නම් නොහොබිනා සල්ලි ගැවසෙන උන් වෙන්න ඇති.(කෞ)
ලලනි Saturday, 05 March 2016 02:44 PM
නැවත පාතාලය හිස ඔසවනවා වගේ මේ යහපාලනයට විරුද්දව නගිටිමු .(කෞ)
පරාක්‍රම Saturday, 05 March 2016 03:21 PM
බොම්බායේ ළූණු හෙවත් B ළූණු ලොකු ළූණු ලෙසත්, මයිසුර් පරිප්පු රතු පරිප්පු ලෙසත් නම් කැරුනා. ටාටා බස්රථ ගිනිබත් කරනු ලැබුවා. තවත් දේවල් සිද්ධ වුනා. ඒ එදා ඉන්දියාවට විරෝධය පෑ ආකාරයයි. එම ඉතිහාසය අමතක නැති අය එමට ඇත. මෙයත් එම ගනයේ වැඩක් නම් " සොරිම" තමයි.(කෞ)