(ඉන්දිකා රාමනායක)
ගල්නෑව පොලිසියේ රථ වාහන අංශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග බහින්බස්වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම රාජකාරී කරමින් සිටී කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයාගේ මිතුරෙකු වන වඩුක්කොඩඩෙයි පොලිසියේ රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බීමතින් යතුරුපැදියක් පැදවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවද පොලිසිය පවසයි.
ගල්නෑව පොලිසියේ කණ්ඩායමක් ඊයේ (25) රාත්‍රියේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී. බීමතින් යතුරුපැදියක් පැදවීමේ චෝදනා මත වඩුක්කොඩෙයි පොලිසියේ රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් එම පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු ඔහුගේ මිතුරෙකු වන එම පොලිසියේ රාජකාරී කරන කොස්තාපල්වරයෙකු සිද්ධියට විරෝධය දක්වමින් රථවාහන අංශය වෙත ගොස් එහි සිටි කොස්තාපල්වරයකු සමඟ බහින්බස් වී ඇති අතර සිය මිතුරා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළකර ඇති ඔහු මිතුරා අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස පහර දී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පහර දීමෙන් රථවාහන අංශයේ එම කොස්තාපල්වරයා තුවාල ලබා ගල්නෑව රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්නෑව පොලිසිය තුළ පොලිස් ගුටි කෙළියක්
ප්‍රේමසිරි Wednesday, 27 December 2023 02:28 PM
මයි කාර්, මයි පෙට්‍රල්... කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න බැහැ. දැන් ඉතින් ඩෝප් කරුගේ යාලුවාට මොකද වෙන්නේ?