IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ගල්කිස්ස  කොට්ඨාසයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ගොඩනැගිල්ලේ  පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී (එක) කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත .

ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහන් පුෂ්ප කුමාර මහතා කාර්යාලය තුළ සිට නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.සිදු වූ ගින්නෙන් පරිගණක , ලිපිගොනු සහ දේපළ රැසකට  හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න  පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වයි .

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (1)

ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

ahamed Monday, 08 July 2024 12:23 PM

ෆයිල් ටික ඔක්කොම ගින්නට ඉවර වෙලා ඇතිනේ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site