IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි?

(රංජන් කස්තුරි)

ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.



අදහස් (11)

ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි?

මහසෙන් Sunday, 09 January 2022 04:10 PM

අවදානම් ගන්න එපා. කපලා දාන්න. ගෑස්, පිටි, පෝලිම්වලට මේකත් එකතු වුණාම තමයි සැප වැඩි...

:       2       79

සිල්වා Sunday, 09 January 2022 06:02 PM

එක පැත්තකින් ඩොලර් නෑ කියනවා. තවත් පැත්තකින් කබ්රාල් ඩොලර් බිලියන 3.1 ක් තියෙනවා කිව්වා. එහෙම නම් ඔක්කොම ටික පැන්ඩෝරා යවලාද?

:       2       66

nimelenMonday, 10 January 2022 06:20 AM

පැන්ඩෝරා යවන්න පුලුවන් උනානන් ඒකත් යවලා... එව්වා යවන්න බෑ, මොකද ඒ හම්බෙච්ච නය වැඩි හරියක් තියෙන්නේ චීනෙන් බඩු ආනයනය කරන්න

:       0       8

Edirimanna Sunday, 09 January 2022 06:37 PM

මොනවා හිඟවුණත් කමක් නැහැ බාර් ඇරලා නම්...

:       2       63

de silva Sunday, 09 January 2022 07:12 PM

පැන්ඩෝරා වල නම තිබුන අය ළඟ ඩොලර් ඇති.

:       0       51

Don perea Sunday, 09 January 2022 08:45 PM

තව මදි ... 69ට ජයවේවා..!!!

:       0       9

Hafeel Monday, 10 January 2022 08:42 AM

පොඩ්ඩක් ඉවසන්නකෝ...! කොරෝනා නැත්නම් ඉදිරි අවුරුදු තුනේදී සර් හොඳටම කරාවි. එහෙම කියලා කියලත් දැන් සතියක් ගියා...

:       0       6

sharm warn Monday, 10 January 2022 09:28 AM

නිකමට අහන්නේ හොඳේ?අර පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය කරන්න කමිටුවක් පත් කලානේ ලොක්කා ලොකු පම්පෝරි ගහලා.ඒ කමිටුවේ වාර්තාව කෝ ?

:       0       14

M.H.Deeganatha Monday, 10 January 2022 09:32 AM

විදුලිය අර්බුදය , සෑම වසරකදීම විවිද රජයන්ගේ අදූරදර්ශී පාලනයන්ගේ ප්‍රතිපලයක් ලෙස දකිමි .සෑම ක්ශේස්ත්‍රයකටම නව නිර්මාණ බිහිවනවාක් මෙන්ම , විදුලියටද එය පොදුය. අප දිවයින තුල විදුලියට ඒකාදිකාරය හොබවන ල0විම , ඊට නිපුනතාවය දක්වන ඉන්ජිනේරුවන් , වරලත් ඉන්ජි,න් , විශේශන්ජ උපදේශකයින් , විදෙස් පුහුනුව ලත් අයගෙන් සමත් වුවද , විදුලිය සම්බන්ද තාක්ශන සදහා වන නව නිර්මාණ කරුවන් නොසලකා හැර ඇති බවට නිදසුන 13913 පේටන්ට් හිමි කරුව, ලංවිම පමණක් නොව මහජන උපයෝගීතා කොමිශන් සබාව විසින්ද නොසලකා හැර තිබීම මතම , මේ වනවිට ගරු ජනාදිපතිතුමන් විසින් විදුලිබල අමාත්‍යාන්ශය වෙත යොමුකර ඇති එතුමන්ගේ අ0ක PS/PR/33/16/04 --2021-10-15 ලිපියද තහවුරු කරනු ඇත. 2009 සිට 20021 දක්වා , එක් එක් වසරක් තුල ල0විම ලබා ඇති අලාබයන් කොපමනක්ද යන්න එයින් විමසාද ඇත. 2019 දී අලාභය රුපියල් කෝටි 9000 ක් බවත්, 2020 දී එය රුපියල් කෝටි 4500 ක් බවත් , මාද්‍ය මගින් දුටිමි.

:       1       6

Ajith Monday, 10 January 2022 10:15 AM

මෙච්චර ඩොලර් හිඟයක් තිබෙද්දී නේද කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ අනාගත වැඩ වලට චීනෙට ඩොලර් මිලියන 50ක් ගෙවල තියෙන්නේ දෙසැම්බර් මාසේ

:       0       8

Soma dubayi Monday, 10 January 2022 03:06 PM

ඉතාම හොඳ තීරණයක්

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site