IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්

පාසල් කාලයේ තමනට සිදුවූ අතවරයක් ගැන ගුරු සංගම් කාර්යාලයයේ දී මාධ්‍යයට අදහස් දැක්වීයැයි කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක වැරදිකාරිය කර දඩුවම් පැමිණවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 14 වැනි වගන්තියේ සඳහන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරන එම ගුරුවරිය සාධාරණයක් පතා කළ ප්‍රකාශයට දඩුවම් පැමිණවීමෙන් සිදුව ඇත්තේ පැමිණිලි කාරියට දඩුවම් කිරීමක් බවත්, විවිධ වරප්‍රසාද ලත් පිරිස් තම අභිමතය පරිදි විවිද ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කළ ද ඊට එහෙරිව ආයතන සංග්‍රහය ක්‍රියාත්මක නොවන බවත්, ගුරු සංගම් ක්‍රියාකාරිකයකුට මාධ්‍යයට අදහස් දැක්විය හැකිව තිබිය දී ගුරුවරියට දඩුවම් දී ඇති බවත් එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

තාක්ෂණයෙන් හා සන්නිවේදනයෙන් දියුණු වර්තමාන සමාජයේ මෙම දඩුවම තොරතුරු ලබා ගැනීමේ හා ලබා දීමේ අයිතියට බරපතල බාධාවක් බව ද, ඒ තුලින් ඇතැම් ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා ජනමාධ්‍යයට යෑම ඇහිරෙන බව ද, ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍ය හා සිවිල් සංවිධානවලින්  ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා පවසයි.



අදහස් (0)

ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක්

ලාල් Tuesday, 22 October 2013 12:17 AM

ගුරුවරිය පොලිසිය, උසාවිය තිබෙද්දී මාධ්‍යයට පැමිණිලි කරලා හරියනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 21 October 2013 06:48 PM

තමන්ට අතවරයක් වුණා නම් මාධ්‍යය සාකච්ඡා තියන්න පෙර කළයුතු දේවල් තියෙනවා නේද? ගුරු සංගමයවත් මාධ්‍යයවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන නෙමෙයිනේ (නි)

:       0       0

පැන්චි Monday, 21 October 2013 07:01 PM

කාට හරි මොනවා හරි උනොත් සේරටම ඉස්සෙල්ල මේ බන්දුල පෙරේරා ගෙන් උපදෙස් ගන්න . ලෝකෙන්ම වැඩියම දේ දන්නා කෙනා එය කියලයි හිතාගෙන ඉන්නේ. මෙච්චර මිනිස්සු දෝෂාරෝපණය කරද්දීත් ලජ්ජා නැහැ. (අ)

:       0       0

රන්දික Monday, 21 October 2013 07:16 PM

දුෂණය කළත් කට වහගෙන ඉන්න. ඒකටත් දුෂණය වූ කාන්තාව තමා වැරදි වෙන්නේ. මුස්ලිම් රටවල් තව හොඳයිනේ බලාගෙන යනකොට. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 22 October 2013 04:25 AM

ඒ කාලේදී ඕක කිව්වේ නැත්තේ ඇයි? නොකියන්න හේතුව මොකක්ද? (නි)

:       0       0

ජගත් Tuesday, 22 October 2013 05:55 AM

ලංකාවේ සාධාරනය ඉෂ්ට වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා ගුරුවරිය, මානව හිමිකම් සංවිධානයට ගිහිල්ලා පැමිණිලි කරන්න. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 22 October 2013 06:11 AM

මනව හිමිකම් කොමිසමට යන එකට වඩා හැකිනම් ශ්‍රේෂ්ඨාධිකරණයටවත් ගියොත් ටිකක් හරි සහනයක් තිබේවි. එත් ගුරුවරයෙකුට කොහෙද ඒ තරම් මුදලක්? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 21 October 2013 08:10 PM

පැන්චි තාම පුංචි වැඩියි මිනිස්සු තේරුම් ගන්න.මේ ලෝකයේ ස්වබාවය තේරුම් ගන්න.ඔය හැම සිදුවීමකම පෙනෙන, කියන පැත්ත වගේම නොපෙනෙන නොකියන පැත්තකුත් තිබෙනවා. (නි)

:       0       0

අජිත් Tuesday, 22 October 2013 08:34 AM

පැන්චි,මොන වරද කළත් එයාට ඒක හරි කියලා කියන්න වෙලා තියෙනවා. එහෙම වුණාට සමහර අදහස් දැක්කම මට මතක් වෙන්නේ අර පැරණි කියමනක් තියෙන්නේ" කටේ නරිවාදන් - රෙද්ද පල්ලෙන් පෙරෙනවා " කියලා.අන්න ඒක (නි)

:       0       0

සෙයිලනිකස් Monday, 21 October 2013 04:46 PM

ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතියක් උල්ලංඝනය වුනා නම්, අධිකරණයට ගොස් සාධාරණයක් ලබා ගත හැකිය. (ස)

:       0       0

ප්‍රබාත් Thursday, 24 October 2013 09:04 PM

බන්දුල පෙරේරා මහතාගේ අදහස දැඩිව හෙළා දකිමි. (නි)

:       0       0

පෙරේරා Monday, 21 October 2013 05:45 PM

කැකිල්ලේ රජුගේ තීන්දු වගේම මහදැනමුත්තාගේ තීරණත් රට පුරාම එමටයි. (නි)

:       0       0

ඇන්ඩි Monday, 21 October 2013 05:47 PM

අනේ මන්දා, මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site