IMG-LOGO

ගෝරියෙන් පසු ඇමැතිවරු යාපනයට

යාපනය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන්, අාපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු පිරිසක් අද (19) උදැසන යාපනය විශ්ව විද්‍යාලයට පැමිණියහ.

එහිදී යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාලයීය පාලක මණ්ඩලය අතර සාකච්ඡාවක්ද පැවැත්විණි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ  ස්වාමිනාදන් මහතා කීවේ “යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමෙහි දෙමළ සිංහල කියා මෙතන කිසිම ගැටුමක් නැහැ . මේ විශ්ව විද්‍යාලයේ සිසුන් ඉතා හොදින් සිටිනවා ඒ නිසා එයට එරෙහිව ඉතා පොඩි කණ්ඩායමක් සිටිනවා මෙහි ප‍්‍රශ්න ඇතිකරමින්. එම කණ්ඩායම නවත්වා සිසුන්ට ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් ඇතිකිරිමට තමයි අප සාකච්ඡා කළේ‘ යනුවෙනි.

නියෝජ්‍ය ඇමැති පරණවිතාන මහතා පවසා සිටියේ යාපනය විශ්ව විද්‍යාලීය පාලක මණ්ඩලය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම්, සිංහල සිසුන් සමඟ සාකච්ජා පැවැත්වු බවත්, එහිදි විශ්ව විද්‍යාල සිසුන් හා පාලක මණ්ඩලය විශ්ව විද්‍යාලීය අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය බවත් විශ්ව විද්‍යාල සිසුන් අතර ඇති වු ගැටුම සාමාන්‍ය සිසු ගැටුමක් විනා ජතිවාදි ගැටුමක් නොවන බවත්ය.



අදහස් (0)

ගෝරියෙන් පසු ඇමැතිවරු යාපනයට

නිමල් ලාලිත Wednesday, 20 July 2016 04:04 AM

සිංහලයා නැසීමට ක්‍රියාකරන, එයට උදව්දෙන හැම කෙනෙකුම නොමැරී විඳවත්වා! දුක් විඳිත්වා! (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 19 July 2016 11:31 AM

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න.(හේ)

:       0       0

කරුණසේන Tuesday, 19 July 2016 11:40 AM

රටක් සංවර්දනය කරා ගෙන යාමට හොඳම මාර්ගය නම් ... එක්මුතුකමයි .. මෙන්න මේ අත්තිවාරම මත තමයි ලෝකයේ සෑම .. දියුණු රටක්ම ගොඩනැගිලා තියෙන්නේ ... ලස්සන උදාහරණ නම් .. ඇමෙරිකාව , කැනඩාව , සහ අනිත් සෑම දියුණු රටකම .... ජර්මනිය ... ප්‍රංසය ... ඉතාලිය ..... මේවගේ රටවල් වල .. මුළු ලෝකයේම මනුස්සයෝ .. එකට ජීවත් වෙනවා .. රැකී රක්ෂා කරනවා ... එකතුවෙලා දියුනුව කරා ගමන් කරනවා .(හේ)

:       0       0

ටානි Tuesday, 19 July 2016 12:02 PM

හැකි අයුරින් මේ ප්‍රශ්නය ඉක්මණින්ම විසඳාගන්න (නි)

:       0       0

කරු Tuesday, 19 July 2016 12:09 PM

අපි නා‍ෙදන්න ච‍ෙස් කියලා තමයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

උමේශ් Wednesday, 20 July 2016 06:57 AM

මෙතන සිද්ධිය හුදකලා සිද්ධියක් හැටියට දකින එක වැරදියි. මීට කලින් සිද්ධවුණ ත්‍රස්තවාදී සැමරුම්, දේශනා ගැන හරියට ක්‍රියානොකරපු එක තමයි මේවට මුල. ගැටුම සාමාන්‍ය සිසුන් දෙපිරිසක් අතර නම් වැඩේ හිතාගන්න පුළුවන්. එ්ත් සිද්ධියට මුල්වුණ ප්‍රධාන නායකයා දිහා බැලුවහම ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. අනික නීතිය ක්‍රියාත්මක වෙන්න මෙච්චර ප්‍රමාද ඇයි? (නි)

:       0       0

ධම්ම Tuesday, 19 July 2016 02:09 PM

ළමයි ගහගත්තාම ආයතන මට්ටමෙන් එය සමතයකට පත් කරන්න ඕනෑ. ඇමතිවරු මේවා මත වේදිකා හදාගෙන සිද්ධිය දේශපාලනීකරණය කරනවා. (හේ)

:       0       0

නිම්මි Tuesday, 19 July 2016 02:41 PM

අනේ කරුණාසේන වගේ මේ රටේ හැමෝම හිතුවා නම්. (හේ)

:       0       0

ගැමුණු Wednesday, 20 July 2016 08:30 AM

දේශපාලකයෝ යන්නේ කොහොමත් දෙයක් වුනාට පස්සේ ඒ දේවල් වලට විසදුම් ගේන්න නේ.(හේ)

:       0       0

ප්‍රබෝද Tuesday, 19 July 2016 04:38 PM

එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වෙද්දී ලංකාවේ කණ්ඩායමක් එහෙ ගියා වගේම උතුරට මාසෙකට සැරයක්වත් කණ්ඩායමක් ගිහින් උතුර හා දකුණ අතර ඇති මතවාදී දුරස්ථ බව අයින් කළයුතුයි. නැතිනම උතුරත් කවදාහරි ජනමත විචාරණයකින් දකුණෙන් වෙන් වෙන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

සම්පත් Wednesday, 20 July 2016 09:53 AM

බොරු කියන්නේ නැතුව ඉන්න (අ)

:       0       0

සුරංග Tuesday, 19 July 2016 06:07 PM

මෙම ප්‍රශ්නය සුළුකොට තකන්න සුදුසු නොවේ. මෙම ප්‍රශ්නය පිටුපස වෙනත් බලවේගයන් තිබිය හැකිය. කරුණාකර කළයුත්තේ එය පිළිබඳව සැළකිලිමත්ව වැරදි කළ අයට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. මෙය තවත් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුය. (නි)

:       0       0

කුමාර Wednesday, 20 July 2016 02:23 AM

පොලිස් පරීක්ෂණ වෙනුවට අැමති පරීක්ෂණද දැන් තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 315 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site