(සුජිත් හේවාජුලිගේ, අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
එය විශාල ජයග්‍රහණයක් බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රු.33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යාමට නියමිතය.
අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරි වැටුප් - දීමනා ඉහළට
ranjith Wednesday, 22 May 2024 05:05 PM
මාසෙකට පවුලකට යන වියදම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම කියන විදිහට මේ මිනිස්සු මාසෙ ජීවත් වෙන්නේ කොහොමද?
Prabha Wednesday, 22 May 2024 05:38 PM
ඒකට තම උප්පැන්නේ සිට මරණ සහතිකේ වත්තේ පොල්ගහ, කොස්ගහ පොලිස් සහතිකේ ගන්නත් ගතමනාව ඉල්ලන්නේ...!
Lalla Wednesday, 22 May 2024 10:57 PM
මම ගම්පහ ඉඹුල්ගොඩ උතුර වසමේ පදිංචි. ඔය කියන කිසිම අපවාදයක් දැනට ඉන්න ග්‍රාම නිලධාරීට හෝ මීට අවුරුදු විසි පහක කාලයක සිටම හිටිය නිලධාරීන්ට කියන්න අපට බෑ. ඔවුන් කිසිවෙක් එවැනි ඉල්ලීම් කලේ නෑ...හැමෝම එක ගොඩකට දාන්න බෑ නේද ?
රෝෂන්Tuesday, 28 May 2024 05:37 PM
ග්‍රාම නිලධාරීන් කරන සේවය කියා නිමකළ නොහැකියි. මැති ඇමැතිවරුන්ට වඩා ඔවුන් විසින් කරනු ලබන්නේ.. මම හිතුවේ රුපියල් ලක්ෂයක විතර වැටුපක් ලබාගන්නා බවයි. බලද්දී එම අයගේ සේවයට සරිලන පරිදි වැටුප් වැඩි කිරීම කළයුතුයි.
බද්රානි Wednesday, 22 May 2024 06:49 PM
මොකක්ද මේ හිඟන පඩිය...? තව පම්පෝරිත් ගහනවා වැටුප් වැඩි කරලා කියලා... මේ නිසා තමයි මොවුන් හරිහැටි රාජකාරිය නොකරන්නේ... ඉතින් කොහොමද මේ තනතුරට අදාලව ගෞරාන්විතව ජීවත් වෙන්නේ...? මම නම් කියන්නේ ලංකාවේ ජීවන වියදම අනුව, අවම වැටුප රුපියල් ලක්ෂයක් වත් විය යුතුයි.. එහෙම නැත්නම් ඉතින් මේ දැන් වගේම, කාගේ හරි බෙල්ල මිරිකලා හෝ පගාවක් අරගෙන තමයි ජීවත් වීමට සිදු වන්නේ...
Bandula Wednesday, 22 May 2024 07:43 PM
රජයේ සේවකයින් හැටියට අපේ රටේ වැඩිය කාලය නාස්ති කරන සේවක පිරිස.