නුවරඑළිය ග්‍රෙගරි වැවේ සොරොව්ව විනාශ වෙමින් පවතින බව ලංකාදීප පුවත්පතින් පෙන්වා දීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සොරොව්ව අලුත්වැඩියා කටයුතු ඇරඹීය.
1828 අගෝස්තු 11 දින ඉංග්‍රිසි ජාතිකයින් විසින් ඇරඹු නුවරඑළිය අලංකරණ වැඩසටහනේ ඉදිකළ දර්ශනීයම දේ නුවරඑළිය ග්‍රෙගරි වැවයැයි පිළිගැනීමක් ඇත. 1874 වසරේදි ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් රන් පවුම් 1,200ක් වියදම් කර හෙක්ටයාර 30ක් පුරා පැතිරෙන අයුරින් තලගල ඔය හා නානුඹය ඇලේ ජලයෙන් ග්‍රෙගරි වැව නිර්මාණය කර ඇත. ඉංග්‍රිසීන් මෙරට ඉදිකළ මුල්ම ජලාශය මෙය යැයි ද මතයක් පවති.
1970 දශකයේ සිට නුවරඑළිය ආශ්‍රිතව සිදුවන වගාවන් හේතුවෙන් පස සෝදා ගොස් ග්‍රෙගරි වැවේ රොන් මඩ පිරෙන්නට විය. විටින් විට එහි රොන් මඩ ඉවත් කැරිණි. එසේ වුව ද වසර 141ක් පැරණි එහි සොරොව්ව කිසිදු අවස්ථාවක දී ප්‍රතිසංස්කරණය වූයේ නැත. ‘ලංකාදීප‘ පුවත්පත මගින් කරන ලද හෙළිදරව්වෙන් පසු එහි සොරොව්ව සංවර්ධනයට පියවර ගනු ලැබීය.
මේ වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නුවරඑළිය මහා නගර සභාවට රුපියල් 1,750,000.00 ක මුදලක් ලබා දී ඇත. ග්‍රෙගරි වැවේ සොරොව්ව හා පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම ජල කාන්දු වන ස්ථාන වසා දැමීම, සිමෙන්ති ආස්තරණයක් යොදා බැම්ම ශක්තිමත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.
ප්‍රතිසංස්කරණ අවශ්‍යතා වෙනුවෙන් සොරොව්ව විවෘත කර වැවේ ජලය සියල්ල මුදා හැර තිබෙනු දක්නට ලැබෙයි. පිරී ඇති රොන් මඩ දැන් වැවේ පැහැදිලිව දක්නට ඇත.
ග්‍රෙගරි වැව ආශ්‍රිත ව්‍යාපාරවල නිරතවූවන්, පරිසර සංවිධාන හා යුද හමුදාවේත් නාවික හමුදාවේත් සහයෝගයෙන් ග්‍රෙගරි වැවේ ජලජ පැලෑටි ඉවත්කරමින් පවතින බව ද නුවර එළිය මහ නගර සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රෙගරි වැවේ වතුර ඉවත් කරයි
ඩෙන්සිල් Sunday, 29 November 2015 07:42 AM
ඉතාම හොඳ වැඩ සටහනක්.(ම)
විශ්ව Sunday, 29 November 2015 12:26 PM
අවුරුදු 10 කට විතර ඉස්සර ඔය වැවේ බෝට් රයිඩ් එකක් යනකොට මගේ නොකියා 3310 ෆෝන් එක වැටුන, හම්බුනොත් මට කතාකරන්න (බ)
මහේන්ද්‍ර Sunday, 29 November 2015 02:03 PM
අනේ පවු මාළු ටික (නි)
කුමාර Sunday, 29 November 2015 08:03 PM
ලංකාදීපයට ස්තූතියි! (නි)