IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


‘ගිය වසරේ අධ්‍යාපනයේ විනාශය ගැන අනාවරණයක්‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොවිඩ්  තත්වය සහ ආර්ථික අර්බුදය නිසා  පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

ඊට පෙර 2020 වර්ෂයේ දී දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම සියයට   54 ක් බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා  කොවිඩ් තත්ත්වයට වඩා වැඩි අභියෝගයක් ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී   මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

මේ රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල ප්‍රධානීහු  කැඳවනු ලැබ සිටියහ.

සමස්තයක් ලෙස ගත්විට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවී සිටින   බවත් කොවිඩ් තත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීම අපහසුවී  ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

දුෂ්කරතා මධ්‍යයේ වුවද  අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන්  කෝපා කමිටුව අධ්‍යාපන බලධාරීන්ට  ප්‍රසංසා පුද කළේය.

අහිමිවූ ඉගෙනුම් කාලය පිළිබඳවද  විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී  විශේෂ අවධානය යොමුකරන ලෙස  කමිටුව නිර්දේශ කළේය .

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා  විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම,  ඉන්ධන හිගය, දරුවන්ගේ පවුල්වල  ආර්ථික අපහසුතා, මවුපියන්ට  රැකියා අහිමිවීම ආදී කරුණුද  අධ්‍යාපන ක්ෂේත්‍රයට  බරපතළ තත්වයක් මතු කර ඇතැයි  හෙතෙම පෙන්වා දුන්නේය.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් ඒ සඳහා විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම   සාර්ථක ක්‍රමයක් නොවන බවත් අධ්‍යාපන  නිලධාරීහු පෙන්වා දුන්හ.

අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන්වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත්  ලේකම්වරයා පැවසීය.

සීමිත කාලයක පාසල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්වයක් ඇති හෙයින්   විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාවද  කමිටුව අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන්  ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන්  ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

එසේම  ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන  බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්  විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සියලු අධ්‍යාපන  නිලධාරීන් කමිටුවේ ප්‍රශංසාවට ලක්විය.

ආර්ථික අර්බුදය හමුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

ඉන්ධන හා ගෑස් හිගය වැනි දුෂ්කරතා හමුවේ  ප්‍රායෝගික පරීක්ෂණ යනාදිය සඳහා පමණක්  විශ්ව විද්‍යාලවලට කැදවීම සිදු කරන බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වෙන බවත් නිලධාරීහු පැවසූහ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතිය නැවත සළකා බලා ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලෙස මෙහිදී කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  දයාසිරි ජයසේකර,  ලසන්ත අලගියවන්න, මොහොමඩ් මුසම්මිල්,  තිස්ස අත්තනායක, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිවඥානම් ශ්‍රීතරන්, ප්‍රසන්න රණවීර,  (ආචාර්ය) හරිනි අමරසූරිය,  වීරසුමන වීරසිංහ සහ  (වෛද්‍ය) උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ .



අදහස් (1)

‘ගිය වසරේ අධ්‍යාපනයේ විනාශය ගැන අනාවරණයක්‘

Nikasala Sunday, 19 June 2022 07:33 AM

ප්‍රසන්න රණවීර ඔයා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 212 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 222 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site