IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගියේ ලංකාවෙන් : දැන් ඕස්ට්‍රේලියා වැසියෙක්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ මෙල්බර්න් ගෙවල් දෙකක් ඔස්ට්‍රේලියා ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් වටලා ඇතැයි එරට "ද ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් " පුවත්පත අද (29) වාර්තා කරයි. මොහොමඩ් උනේස් මොහොමන් අමීන් (41) ඔහුගේ නම බවද එම පත්‍රය කියයි.

එහ තැනැත්තා සිරියාවේ අයි. එස් කැරලිකරුවන් සමග සම්බන්ධයක් ඇති බවට වන සැකයක් නිසා මේ නිවාස වැටලීම කර ඇත.

අයි එස් සංවිධානයට සහය පළ කරමින් එළිදක්වා ඇති වීඩියෝ පටයක මෙම පුද්ගලයා පෙනී සිට ඇති බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ පවසයි. වැටලීමෙන් සොයාගත් කරුණු පිළිබඳ  බලධාරීන් මෙතෙක් තොරතුරු හෙළි කර නැත.

සිරියාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවිධානවලට සහය ලබාදෙන ලෙසට  සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව අයි එස් සංවිධානය ප්‍රසිද්ධියට පත් කරනු ලැබු වීඩියෝ පටයක පෙනී සිටින ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතිකයා අවධාරණය කර තිබේ.

එමෙන්ම තමා අයි එස් සංවිධානය සමග එක්ව ප්‍රතිකාර කටයුතු සිදුකරන අතර සතියකට රෝගීන් 500 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරන බවයි ඔහු කියා ඇත්තේ.

ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ විමර්ශණයට ලක්කළ නිවෙස් දෙකෙහි හිමිකරු වන ලාංකිකයාට අයත් නිවෙස්වල පදිංචිකරුවන් පිළිබඳව ද මෙතෙක් තොරතුරු හෙළිකර නැහැ.



අදහස් (0)

ගියේ ලංකාවෙන් : දැන් ඕස්ට්‍රේලියා වැසියෙක්

ගයාන් හෙට්ටිආරච්චි Friday, 29 January 2016 09:20 PM

දැන් ලංකාවේ අයිඑස් නැද්ද? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 29 January 2016 12:48 PM

ශ්‍රී ලංකාවේ කෙනෙක් ලෝකේ මොන රටකට ගියත් හොඳින් හෝ නරකින් නමක් තබන බව මේ පුවතින් යලිත් වරක් තහවුරු කර තිබෙනවා !! (බ)

:       0       0

අසෝක Saturday, 30 January 2016 04:41 AM

අයි එස් වලට වැඩිය භයානක සංවිධානයක් තමයි ලංකාවේ හිටියේ.(හේ)

:       0       0

නිලංග Friday, 29 January 2016 03:03 PM

ලංකාවෙන් මෙහෙ එන සමහරු පුරවැසි භාවය සහ පි ආර් ගන්න ඕස්ට්‍රේලියාවේ ආච්චි කෙනෙක් කෙනෙක් හරි බැඳ ගනීවි. මේ වගේ භයානක වැඩ නෙවෙයි හිනා යන වැඩ මෙහෙ එන සමහරු අතින් සිද්ධ වෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site