IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිය අයට ආයෙත් එන්න වෙනවා

 

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීරණයට පිටුපා ඇමතිකම් ලබාගත් අයට අනාගතයේ දී යළිත් පක්‍ෂයට එන්නට සිදුවනු ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එම පිරිසට ඉදිරි මැතිවරණයකදී යළිත් පැමිණීමට සිදුවිය හැකි නිසා දැන් පක්‍ෂයට නොබැණ තමන්ගේ කටයුතු කරන්නැයි තමන් දැනුම් දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවති බෝධි පූජා පිංකමකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කොවිඩ් වැළඳී සිටින පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ඊයේ (8) මෙම පිංකම පැවැත්විණි.

පක්‍ෂයේ පිරිසක් පක්ෂය ගත් තීන්දුව නොසලකා ඇමතිකම් වෙනුවෙන් පක්ෂය පාවා දුන් බවත්, පක්‍ෂය විනාශ වී ඇති බව ඔවුන් කියන්නේ නම් එහි වගකීම ඔවුන්ම ගත යුතු බව ද මහලේකම්වරයා කීවේය.



අදහස් (1)

ගිය අයට ආයෙත් එන්න වෙනවා

Pankumburage Thursday, 10 November 2022 12:20 AM

ගිය අය ගන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ. ඒ කියන්නෙ ඔහෙලත් බංකොලොත්. අලුත් අය එන්නෙ නැහැ ඔහෙලත් එක්ක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site