IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගයන්ත මාධ්‍යවේදීන් හමුවෙයි

ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරුපැදි ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සිදුකෙරෙන ආකාරය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිරීක්ෂණය කළේය.

දිවයිනේ නන් දෙසින් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි  මාධ්‍යවේදීන් හමු වූ ඇමැතිවරයා අදාළ කටයුතු පිළිබඳ කරුණු විමසා බැලූ අතර සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් ද කරුණු විමසා බැලීය.

තීරුබදු රහිත යතුරුපැදි ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් 3,000 කට අධික පිරිසක් ඉල්ලූම් කර ඇති බව ද එහිදී අනාවරණය විය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොල, මාධ්‍ය ලේකම් මධුශංක අබේගුණවර්ධන යන මහත්වරු ද එක්වූහ.

web_20151118078083429576876671_n web201511189801371_7649427608936524190_n



අදහස් (0)

ගයන්ත මාධ්‍යවේදීන් හමුවෙයි

ඩිල්ෂාන් Sunday, 01 November 2015 11:44 PM

දෙනවා නම් සියල්ලන්ටම සාධාරණ ලෙස තීරුබදු රහිත යතුරුපැදි දියයුතුයි. (නි)

:       0       0

ජයවික්‍රම Monday, 02 November 2015 12:33 AM

රාජ්‍ය සේවකයන්ට ලබාදුන් මිලටම මෙය මාධ්‍යවේදීන්ටද ලබාදෙන ලෙස වගකිවයුත්තන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

නන්දන Tuesday, 03 November 2015 01:56 AM

අපිටත් අඩු මිලට යතුරුපැදි ගන්න පුලුවන් නම්....(නි)

:       0       0

චමිල් රුපසිංහ Sunday, 01 November 2015 02:45 PM

ඈත්තටම කියන්න සතුටුයි අප සම්මුඛ පරික්ෂණයට ගිය අවස්ථාවේදී එහි නිළධාරීන් අප වෙත දෑක්වූ කරුණාව හා කාරුණික බව ඒ ගැන කිව යුතුමයි. (අ)

:       0       0

සුපුනි ප්‍රනාන්දු Sunday, 01 November 2015 03:11 PM

3000ක් ඉල්ලුම් කළාට ඇත්තටම මාධ්‍යවේදින් ලෙසින් කටයුතු කරන්නේ කී දෙනාදැයි සොයා බලන්න. මේ වන විට මාධ්‍ය හැදුනුම් පත අතේ තියාගන වරදාන වරප්‍රසාද ලබා ගන්න පිරිසකුත් ඉන්නවා‍.මේ අය ගෙන් පිරිසන් පසුගිය යුගයේ දි මාධ්‍ය ලේකම් වරැන් වශයෙන්ද කටයුතු කළා. අද වන විට අපේ ඈත ගම්බදව දුක් කන්දරාවක් මැද සැබැ මාධ්‍යවේදින්ව කටයුතු කරන පිරිසක් ඉන්න නිසා තෝරා ගන්නා අයගේ නම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරලා විරෝධතා ඉදිරිපත් කරන්න කියන්න. ...(රේ)

:       0       0

දහම් Sunday, 01 November 2015 03:12 PM

මේ සංදර්ශන මොකටද? මාධ්‍ය ආයතනය සහතික කරනවානම් මාධ්‍යවේදියෙක් කියල ඒ අයට එය ලැබිය යුතුයි. සම්මුක පරීක්ෂණ තියන්නේ මොන එහෙකටද? මාධ්‍ය ආයතන ප්‍රධානීන් බොරු සහතික දෙනවද? (අ)

:       0       0

සුපුනි ප්‍රනාන්දු Sunday, 01 November 2015 03:44 PM

දහම් ඔයා දන්නේ නැති නම් හොයා බලන්න. ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. මාධ්‍ය හැදුනුම් පත අරන් සාක්කුවේ දා ගෙන විවිධ නරක වැඩ කරන. ඒ අය නිසා අද සමහර විට සැබැ මාධ්‍යවේදින්ටයි අසාධාරණය. ඔයා කැමැති නම් මම පුත්තලමේ ඉන්න එවැනි කට්ටිය ගැන කියන්නම්. ඒ අයත් සම්මුඛ පරික්ෂණයට ඇවිත් හිටියා.අපේ වත්මන් මාධ්‍ය ඇමතිවරයා රාජකාරි භාර ගත් දවසේ අමාත්‍යාංශයට ඇවිත් ඔහුව බදා ගෙන කිරිබත් කාපු අපුරැ කට්ටියක් ද ඉන්නවා. ඒ අය කරන්නේ තමන්ගේ බඩටයි. මම කියන්නේ හැදුනුම්පත සාක්කුවේ දමා ගෙන මාධ්‍ය කටයුතු නොකර වරදාන වරප්‍රසාදච ගන්න කට්ටියයි. ඔයාට මේ ටික ‍තේරැම් ගන්න බැරිද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site