IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගමේ සිටන් පේවි පේවි කමතට යඤ්ඤයි..

පාරම්පරික කෘෂි කාර්මික පිළිවෙත් වලට මුල් තැන දෙමින් වලල්ලාවිට රාගොඩ වෙල වෙල් යායේ ගොවීහූ අලුත් සහල් මංගල්‍යක්  සංවිධානය කළහ.

වලල්ලාවිට සුවිසුද්ධාරාම විහාරාධිකාරි ඌව මාවෙලගම සුමේධ හිමියන්

ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදු කළ මෙහි සංස්කෘතිකාංග බැලීමට විදේශිය සංචාරකයෝ පිරිසක් ද  එක්ව සිටියහ. කිරි දානය පිළියෙළ කිරීමට  ඔවුහු එක්වූහ.

තෙල්මේ නර්ථනය දේව කන්නලව්ව සහ කමත් ශාන්ති කර්ම කටයුතු ද සිදුකළ අතර  පසු දින උදෑසන කිරි අම්මාවරුන් උදෙසා දානය පිළිගැන්වීණි.

ඩී. ඩී. අමරසිරි සහ ඩී. ඩි. මංජුල යන ගොවිමහත්වරුන්ගේ සංවිධාන ප්‍රධානත්වයෙන් පැවැත්වු මේ සඳහා රාගොඩ වෙල්යායේ සියළුම ගොවීහු ද මීට දායක  වූහ.

 

DSC01964 DSC01968 DSC01974 DSC01975 DSC01984 DSC01987 DSC01995 DSC01997 DSC02003 DSC02007 DSC02009

 



අදහස් (0)

ගමේ සිටන් පේවි පේවි කමතට යඤ්ඤයි..

සෙලිනා Tuesday, 24 March 2015 12:11 PM

අපෙන් බැහැරව යන දේවල් නැවත පණගැන්වීමක්.ස්තුතියි ඔබ සැමට (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 12:27 PM

අනේ ඔව්! මේකට දායකවුණ හැමෝටම නිදුක් නිරෝගී සුවයම පතනවා! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 12:29 PM

බලිතොවිල්, ශාන්තිකාර්ම, දෙවොල් නැටුම් අද මේවා අලුත් පරම්පාරව දැකලා තියෙනවද දන්නෙත් නැහැ. තවමත් පාරම්පරිකව පැවත එන මෙවැනි දේවල් ගම් මට්ටමින් මිස නගරයෙන් නම් දැකගන්න ලැබෙන්නේ කලාතුරකින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site