IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්

(අංජුල මහික වීරරත්න)

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඇමෙරිකා ඩොලර් මිලියන 100 ක ලෝක බැකු සහන ණය මුදලක් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ තාක්ෂණික සහයෝගය මත ආහාර බෝග, වැවිලි බෝග, පශු සම්පත් හා ධීවර නිෂ්පාදන ඇතුළු කෘෂිකාර්මික අංශයේ සියලු ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව මෙන්ම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ තරගකාරිත්වය හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණු කර ගනිමින් ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 

දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය (Climate- Smart Agriculture) හා විවිධාංගීකරණය, ජල සම්පත් කළමනාකරණය, ආර්ථීක සමානාත්මතාවය තහවුරු කිරීම, ධාරිතා සංවර්ධනය හා පුහුණුව, යටිතල පහසුකම් හා සැපයුම් පහසුකම් සංවර්ධනය ආදී මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් එකී ව්‍යාපෘතියට ඇතුළත් කර තිබේ. 

ඒ අනුව, 2025 ජුනි මාසයේ සිට වසර 5ක කාලයක් තුළ දී යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site