(නිමල කොඩිතුවක්කු සහ රංජිත් රාජපක්ෂ)
කම්කරුවා ඇතුලු සමස්ථ ජනයා වෙනුවෙන් සුබ මොහොතින් සුබ නැකතින් ගම දිනවන රට දිනවන ගමේ ආණ්ඩුව ලබන හයවනදාට සමගි ජන බලවේගය මූළිකත්වයෙන් බිහිකරන බව එහි නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනයට රැස්ව සිටි ජනතාව අමතමින් තලවකැලේ නගරසභා ක්‍රිඩාංගනයේදී අද(01) ප්‍රකාශ කලේය.
මැතිවරණයට පෙර විදුලි බිල අඩු කරන බව පැවසූ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පසු විදුලි බිල වැඩි කරන්න සූදානම් වන බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පච දේශපාලනයට එරෙහිව ආණ්ඩුවට රතු එළියක් පත්තු කරමින් ජනතාව පාඩමක් කියා දෙනු ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී රටේ සමස්ත පළාත් පාලන ආයතන වලින් අති මහත් ප්‍රමාණයක් සමගි ජන සන්ධානය ජයග්‍රහණය කර ගම හදා රට හදන වැඩපිළිවල ගමින් ආරම්භ කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
“ගම දිනවන සටනට කම්කරු බලය” මැයෙන් තලවකැලේ නගරසභා ක්‍රිඩාංගනයේදී පැවති සමගි ජනබලවේගයේ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන සන්ධානයට අනුබද්ධිත පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් පෙරටු කරගනිමින් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් කරමින් අති විශාල ජනතාවක් මැයි දින රැළියට සහභාගී විය.
සමගි තරුන බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සමගි විහිදුම් බලගණය, සමගි රණවිරු බලවේගය, සිවිල් සංවිධාන, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයන් මේ සදහා එක්ව සිටියහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
“ජාත්‍යන්තර කම්කරු දිනය දවසේ අපි හැමෝම මෙතෙන්ට එකතුවෙලා ඉන්නේ වැඩ කරන ජනතාවට ගෞරව කරන්නයි. කම්කරු ජනතාව තමයි අපේ රටේ ජීවය. ඔබගේ දහඩිය කදුල ශ්‍රමය කැපවීම තුළ අපේ රටේ ජීවනාලිය බවට ඔබ පත්වෙලා හමාරයි. අද යුගයේ කම්කරු අයිතීන් අහිමිවන යුගයක්. වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලට පිට් පොකට් ගහන යුගයක්. පහුගිය රජයේ අය අයි. එම්. එෆ් ගිවිසුම හරහා අර්ථ සාධක අරමුදල විනාශ කරන්න කටයුතු කළා.
හිටපු ජනාධිපතිවරයාගේ ඒ ප්‍රතිපත්තිය අනුව ඔහුගේ අඩි පාරෙම යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වැඩ කරන ජනතාවගේ පාරිතෝෂක දීමනාවට පොකට් ගසන දේශපාලනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඔබ වෙනුවෙන් අද දවසේ මේ මොහොතේ පමණක් නෙමෙයි හෙට දවසේත් අනාගතයේත් ඔබේ අයිතිය සුරක්ෂා කිරීමට අපි කැප වෙනවා කියලා කම්කරු ජනතාවට ප්‍රකාශ කරනවා.
මේ රජය බොරුවෙන් මුසාවෙන් රට පාලනය කරනවා. ජනාධිපතිවරණය මහ මැතිවරණය බොරු කියලා ජයග්‍රහණය කළා. අද වන විට ඒ අය පොරොන්දු වුණු පොහොසත් රට ලස්සන ජීවිතය රටේ ජනතාවට ලැබිලා නැහැ. පිටපිටම පවත්වන තුන්වන මතිවරණයේදී අලුත් බොරු මල්ලක් ජනතාවට ඉදිරිපත් කරලා තිබෙනවා. තුන්වන වතාවටත් ජනතාව අනාථ කරන්න හදන යුගයක එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ සමස්ත පළාත් පාලන ආයතන වලින් අති මහත් ප්‍රමාණයක් සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවට අපි කියනවා.
අද වෙන තෙක් පොහොර සහනාධාරය ලබා දෙන්න මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා. පොහොර සහනාධාරය දෙන්නේ වී ගොවියට පමණයි. ඒකත් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුණාත්මක පොහොර නැහැ, වගා හානි වලට වන්දි නැහැ. ගංවතුරෙන් හානියට පත් වගා බිම් වලට තවමත් වන්දි නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන අනුර කුමාර දිසානායක ජනතා අයිතිවාසිකම් සියල්ල ඉවත දමා තිබෙනවා.
මැතිවරණයට පෙර විදුලි බිල අඩු කරන බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා මැතිවරණයෙන් පසු විදුලි බිල වැඩි කරන්න සූදානම් වෙනවා. ඇයි මෙහෙම රටේ ජනතාව රවට්ටන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් අහනවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුවට රතු එළියක් පත්තු කරමින් සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ඔබේ සහාය දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(ඡායාරූප රංජිත් රාජපක්ෂ)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ගම දිනවන ගමන හය අරඹනවා‘‘
ටයරසෑපුත්‍ර Thursday, 01 May 2025 06:45 PM
දවල් හීනත් හොඳයි ලස්සනට පේනවා නම්.
පොඩිඑකා Thursday, 01 May 2025 07:31 PM
වැඩි හරියක් කමිස නිල්පාට උනේ කොහොමද කොල්ලෝ?
stfup!dawg Thursday, 01 May 2025 09:31 PM
අනේ මොකට මහන්සි වෙනවද ඔබතුමා, ඉඳල හිටල නිවේදනයක් දාල හම්බෙන පඩියෙන් කාල බීල ඉන්න සෑර්.
කව්ද බෝයි Thursday, 01 May 2025 09:41 PM
"ගම දිනවන සටනට, මිටි-කම්කරු බලය"
NPP Friday, 02 May 2025 05:47 AM
කතාව අහපු ගමන්ම මිනිස්සු නැගිටලා ගියා.
SIRI Friday, 02 May 2025 02:46 PM
අපේ රටේ ගෞරවනීය පෞරාණික නම්බුකාර දේශපාලන පක්ෂයක්ව පැවති එක්සත් ජාතික පක්ෂය මෙයාගේ පියානෝ මිනිස් ඝාතක පක්ෂයක් බවට පත්කළා. මෙයා බල ලෝභය නිසා ඒක දෙකඩ කඩල නන්නස්තාර කළා. මීට පස්සේ මොන ඡන්දයක්වත් දිනනවා කියන එක ඔහෙලාට හීනයක් විතරයි...