IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම් දෙකක ධීවරයෝ ගැටී 6 ක් රෝහලේ

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් තිරුකඩලූර් හා ඊට යාබද විජිතපුර යන ගම්මාන දෙකේ ධිවරයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ධීවරයන් 6 දෙනෙකු ත්‍රි‘මලේ රෝහලට ඇතුළත් කර ඇති බව ත්‍රි‘මලේ පොලිසිය පවසයි.

 ගැටුමක් සමතයකට පත් කිරිමට යුධ හමුදාව කැදවිමට පොලිසියට සිදුවිය.

කෝණේෂ්වරන් මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදුනු මෙම ගම් දෙකේ ධිවර දෙපිරිසක් මුහුදේ මාලු අල්ලද්දී තහනම් පන්න ක්‍රම උපයෝගි කරගෙන මාලු ඇල්ලිම සම්බන්ධයෙන් ඇති වු බහින් බස්විමක් ගොඩබිමදි ගැටුමක් බවට පත්වී ඇති අතර දෙපිරිස විසින් ගල්මුල් වලින් පහරදීම නිසා ගම්මාන දෙකේ ධීවරයන් තිදෙනා බැගින් දෙපිරිසේම හයදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.

තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.ගල්මුල්  වැදිමනිසා නිවාස කිහිපයකට ද සුළු හානි සිදුවි ඇති බව පොලිසිය කියයි.

අතිරේක ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවීමට සිදු වූ බව පොලිසිය කියයි.

සිද්ධීය සම්බන්ධයෙන් මෙතක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය මගින් පවත්වාගෙන  යයි. මෙම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මනගේ මහතා ගම්මාන දෙකේ ධිවර නායකයින් කැදවා සිද්ධිය සමතයකට පත් කිරිමට කටයුතු කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

ගම් දෙකක ධීවරයෝ ගැටී 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site