IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගම්පොළත් මැතිවරණ සාදයකට සීල් තබයි

(සුරංග රාජනායක)

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින්  ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට දෙන්නට සූදානම් වූ  සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය.

රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර කළේය.

ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව දැනගන්නට ඇත.

මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටියහ.

මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබුණි.

එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත කථිකයන් පැමිණ එම රැස්වීම පවත්වාගෙන යන ලදී.

 

 



අදහස් (3)

ගම්පොළත් මැතිවරණ සාදයකට සීල් තබයි

fairoos Saturday, 31 August 2024 11:32 AM

කෑම ටික පොලිස් අත්අඩංගුවට...?

:       1       15

සෙනෙවිරත්න Saturday, 31 August 2024 03:10 PM

ඔය ස්වාධීන අපේක්ෂකතුමා තමයි ආසියාවේ පරිණතම ප්‍රජාතන්ත්‍රවාදියා..., වැඩ ගත්තාම බල්ලෝ බත් කන්නේ නැහැ...

:       1       11

Rohana Sunday, 01 September 2024 11:27 AM

වෙනදා වගේ මෙවර මැතිවරණ දන්සැල් තහනම්කිරීම මැතිවරණ කොමිසම ගත්තු හොඳ තීරණයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site