ගම්පහ ලීසිං සමාගමේ කොල්ලය සිදු කළ පිරිස මීගමු වෙරළට ගොස් විනාඩි පහක් සිට එතැනින් මාරවිලට ගොස් ඇති අතර එහිදී කොල්ලකෑ භාණ්ඩ බෙදාගැනීමෙන් පසු පිරිස වෙන්වී ගොස් ඇතැයි පොලිසිය කියයි.
නෙළුවෙන් කුළියට ගත් වෑන්රිය දීම සඳහා නෙළුවට යද්දී නිදිමතක් අතිවී වෑන් රිය හිනිදුම නතර කර ඇති අතර අවේලාවේ නතර කර තිබූ වෑන් රිය දුටු හිනිදුම පොලිසියේ පිරිසක් එම ස්ථානයට විත් පරීක්ෂා කර ඇත. වාහනයේ සිටි අය ගැන ප්‍රශ්න කරන්නට පෙර පොලිසිය සමෘද්ධි නියාමකයා දුටුවේය. ‘ආ මේ සමෘද්ධි මහත්තයානේ‘ යනුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් පවසා ඇති අතර වාහනය ගැන සැක නොසිතා ඔවුනට යන්නට ඉඩ ලබා දී ඇත.
එම අවස්ථාවේ වාහනය පරීක්ෂා කලේ නම් හොරබඩුවලින් කොටසක් අල්ලා ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබිනැයි පොලිසිය කියයි.
මේ අතර සැකකාර සමෘද්ධි සංවර්වර්ධන නිලධාරී අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර සිය නිවසට දීමට යැයි කියමින් මිතුරකුට දුන් රුපියල් 28,000ක මුදල ද මේ කොල්ලයේදී සැකකරු විසින් සොරා ගත් මුදලෙන් කොටසක් විය හැකි බව පොලිසිය කියයි.
සැකකරු ඉටි කවර දෙකකට මුදල් හා රන්භාණ්ඩ දමා ගන්නා අතර අනෙක් කොල්ලකරුවනට නොපෙනෙන පරිදි ඔහු එක ඉටි කවරයකට අත දමා එයින් රන් හා මුදල් හොරෙන් සාක්කුවට දා ගන්නා අයුරු සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇත. සීසීටීවී කැමරාවේ සටහන් වී ඇති පරිදි සැකකරු පස්වරු එකයි තිස්හයි තත්පර තුනට ඉටි බෑගයට අත දමා යමක් ගෙන සිය සාක්කුවේ දමා ගනී.
සැකකරු ලබා දුන් රුපිල් 28,000 එලෙස සොරා ගන්නා මුදල් බවට පොලිසිය සැක කරයි.
බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ උදව් උපකාර ඇතිව මේ කොල්ලය සැලසුම් කර ඇති බව මේ වන විට හෙළි වී ඇත. හබරාදූවේ පදිංචිකරුවකු බව කියන ප්‍රධාන සැකකරු තමාට හදුන්වා දුන්නේ බන්ධනාගාරයේ සිටින පුද්ගලයා බව සමෘද්ධි නිලධාරයා කියා තිබේ. බන්ධනාගාරයේ සිටින පුද්ගලයා සමෘද්ධි නිලධාරී හදුනා ගත්තේ මීට පෙර කරාතේ පන්ති කරන අවදියේ බව කියති.
මේ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී - 07747 8 46 46
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 077 33 54 674
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ හොරු පොලිස් කටට වැටුනත් ලිස්සා යති
උපාලි Monday, 02 September 2013 05:28 AM
ඕනෑම අබිරහසක් අනාවරණය කරගෙන ඇත්තේ "සැකය" පාදක කරගෙනයි. මුල පටන් ගන්නේ එතනිනුයි. මේ සිද්ධියේදී සමෘද්ධි නිලධාරියා පොලිස් නිලධාරීන්ගේ සැකය ඉවත් කළ නිසා ඔවුන් බේරුනා. ඔවුන්ගේ වෙලාව හොඳයි, ටික දවසකටවත්. (නි)
බමුණු Monday, 02 September 2013 05:30 AM
මේක තමයි අපේ ආරක්ෂකයන්ට වැදිලා තිබෙන හෙණේ. අඳුනන කෙනෙක් දැක්කම පරික්ෂා කිරීමක් නැත. මෙයාලට සෞදි අරාබියාවේ ආරක්ෂක සේවයේ පුහුණුව ලබාදෙන්න ඕනෑ, එයාලා කොපමණ හැදුනුම්කමක් තිබුනත් නීතිය අකුරටම ක්‍රියා කරනවා. තම රටේ මිනිහටත් එකයි පිටරැටියටත් එකයි. (නි)
පද්මසිරි Monday, 02 September 2013 06:04 AM
ඒ අනුව බලද්දී හොර සමුර්ධි නිලධාරියා සහ අනෙක් හොරු මහන්සියට නිදාගන තියෙන්නේ සමුර්ධි නිලධාරියගේ ගම හෝ නිවසට ආසන්න ප්‍රදේශයක. පොලිසියේ නිලධාරීන්ට සක කරන්න තිබුන ඒ හේතුවම ඇති ඒ වෙලාවෙ ඔවුන් බුද්දිමත් උනානම්. (අ)
සරත්. Monday, 02 September 2013 08:53 AM
ආරක්ෂක නිලදාරීන් කවදා පාඩමක් ඉගෙනගනීවිද මන්දා. (දී)
යසවතී Monday, 02 September 2013 09:35 AM
පොලිස් කටේ ග්‍රීස් ඇතේ (දී)
චමල් Monday, 02 September 2013 10:49 AM
ගේ ළඟටම ඇවිල්ල නිදිමතට මග නිදා හන්නේ මොන මිනිහද . පොලිසිය කන්නේ මොනවද මන්ද ඕක තේරෙන්නේ නැති . (දී)
විජිත Monday, 02 September 2013 10:56 AM
පොලිසියේ අයම තමයි වැරැද්ද කර ගත්තේ (දී)
විජිත Monday, 02 September 2013 10:56 AM
අතට ගත්ත එක කටට දාගන්න පිනක් නැහැ කියන්නේ ඕවට තමයි (දී)
සෙනරත් Monday, 02 September 2013 12:39 PM
ඉතින් මෙයා මේ තරම් හොරකමක් කරලා තවමත් සමෘද්ධි නියාමක ද හලෝ. (ස)
සෙනරත් Monday, 02 September 2013 12:57 PM
ඔක්කොම හොරු බිහිවෙන්නේ බන්ධනගාරයෙන් සහ දේසපාලක සම්බන්ධකම් පවත්වන සමහර අයගෙන්,, මේකට නිසි පිළියම් යොදන්න ක්‍රියා කල යුතුයි. (ස)