IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගම්පහ සිසුවා පොලිසියෙන් කෝටියක් ඉල්ලයි

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ දාහත් හැවිරිදි සිසුවා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 24 වැනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීන්දු කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවිණි.

ගම්පහ ප‍්‍රදේශයේ සිසුවකු විසින් ගොනු කැරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උයද කුමාර ,මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.



අදහස් (0)

ගම්පහ සිසුවා පොලිසියෙන් කෝටියක් ඉල්ලයි

ගාමිණී ඩුබායි Wednesday, 27 January 2016 01:18 PM

හොඳ වැඩක් (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 27 January 2016 01:44 PM

මදි මදි හොඳටම මදි. ජීවිත ගමනේ හතරෙන් පංගුවක්වත් තවම ගෙවිලා නැහැ. ඉතිරි තුන් පංගුවම මේ පුද්ගලයා අරයගේ වපර ඇහැට ලක්වනු ඇති . එයට ඔය වන්දිය මදි. (බ)

:       0       0

Sam Wednesday, 27 January 2016 02:43 PM

කෝටිය මදි. මිනිහෙකුගේ ජිවිතයක් වටින්නේ කෝටියද? මේ දරුවා සියදිවි හානිකරගන්න ඉඩතිබුනා. (අ)

:       0       0

සුමිත් Wednesday, 27 January 2016 02:57 PM

ඔයා පව් පුතේ , නුලෙන් බේරුනේ.කරන්න දෙයක් නැහැ ඔහොමවත් වන්දියක් ගන්න. (අ)

:       0       0

ගාමිණී Thursday, 28 January 2016 02:18 AM

කෝටියක් නම් මදි. අඩුගානේ කෝටි 10 වත් ඉල්ලන්න. මේ ළමයාට කළ මානසික, ශාරීරික හා සමාජමය හිරිහැර වෙනුවෙන් (නි)

:       0       0

අල්විස් Wednesday, 27 January 2016 03:21 PM

මම නම් කියන්නේ කෝටි 10ක් වත් ඉල්ලන්න ඔනේ කියලා......මේ ජරා පොලිස් කාරයෝ නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. (අ)

:       0       0

චිත්‍රා Wednesday, 27 January 2016 04:01 PM

මේ තියෙන හැම අදහසක්ම සාධාරණයි (බ)

:       0       0

පාකර් Thursday, 28 January 2016 04:13 AM

අඩුම ගානේ කෝටි 10ක් ඉල්ලන්න. මොකද මෙවගේ අපහසයක් වුණාම ජිවත් වෙන්න මාරුයි මේ රටේ වෙන රටක හරි පදිංචියට යන්න (ම)

:       0       0

සුමිත් Thursday, 28 January 2016 05:39 AM

ඔය පෙත්සමේ සදහන් කරනවා , අධිකරණයට සුදුසු යි හැගෙන වෙනත් යම් සහන කියල, එ්ක නිසා අධිකරණය වැඩි සහන දෙන්න පුළුවන් , බය වෙන්න එපා . කොටිය හොඳටම මදි, දැන් කාලේ ටිකට් වලට කෝටි දහය පහලව දෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site