IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

(තිලකරත්න දිසානායක)

මෙරටින් තුරන්ව පැවති ලාදුරු රෝගය යළි ව්‍යාප්ත වන තත්ත්වයක් පවතින බවත් මෙම වසරේ මුල් මාස තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන්  42 දෙනෙකු වාර්තාවී ඇති බැවින් ජනතා අවධානය යොමු වියයුතු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

නිසියාකාරයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව පවතින බැවින් රෝග ලක්ෂණ පවතින බවට සැකයක් ඇතොත් කඩිනමින් ප්‍රතිකාර පිනිස යොමුවිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සදහන් කළේය. 

ලාදුරු රෝගියෙකු සමීපව දිගු කලක් ඇසුරු කිරීමෙන්,  කෙළ බිදිති මාර්ගයෙන් රෝගය වැළඳීමේ හැකියාවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව බවත් සිරුරෙහි යම් සැක සහිත කැළල් මතුවන තත්ත්වයක් පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය. 

මේ අතර ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කොට සිටියේ ,  ගම්පහ දිස්ත්‍රික්කයෙහි  පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 138 දෙනෙකු හමුවීම මත මෙම වසරේදී රෝගීන් හදුනා ගැනීමේ ක්‍රියාවලිය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් පසුගිය වසරේ හදුනාගත් ලාදුරු රෝගීන් අතර ළමයින් සියයට අටකට ආසන්න ප්‍රතිශතයක් පවතින බවත්ය.

රෝග ලක්ෂණ ඇතිවූ විගස නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ලාදුරු රෝගය නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව පවතින බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය , සිරුරෙහි යම් සැක සහිත අවපැහැ ගැන්වූ ලප , කැළල් ඇතිවීම සහ එම කැළල් මත හිරි ගතියක් පැවතීම මෙන්ම අත් පා හිරි වැටීම මෙම රෝගයෙහි මූලික ලක්ෂණ බැවින් ප්‍රධාන රෝහල්වල සමේ රෝග සායනයකට යොමුව අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතු බවත් පෙන්වා දෙනු ලැබුවාය.

සමෙහි සැක සහිත කැළල් සහිත තත්ත්වයන් සහ හිරි වැටීම් ඇතොත් එහි ඡායාරූප ගෙන  0754088604  යන අංකයට WhatsApp මගින් යොමු කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට හැකිව ඇත.



අදහස් (0)

ගම්පහ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site