IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගමන් මල්ලෙන් සුදු හඳුන් එළියට

කිලෝග්‍රෑම් පනස් අටක් බරැති සුදු හඳුන් දැව කඳන් තොගයක්   ගමන් මළු දෙකක සඟවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට පැමිණි පකිස්ථාන ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු තිස් දෙහැවිරිදි වියේ පසුවන බවත්  ඔහු ශ්‍රී  ලාංකික කාන්තාවක් විවාහ කරගෙන මීගමුවේ පදිංචිව සිටින බවත් රේගුව කියයි. ඔහුට චතුරව සිංහල භාෂාවද හැසිරිවිය හැකි  බව පැවසේ.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.

ඔහු රේගුව මග හැර යාමට කිහිප විටක්ම උත්සහ කිරීම පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී  ඔහුගේ ගමන් මළු දෙකක තිබී මෙම සුදු හඳුන් දැව තොගය සොයාගෙන ඇත.

 සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම සුදු හඳුන් කරච්චියේ විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා සහ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා රැගෙන යන බවයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී අශෝක විජෙවිෙජ්සිංහ සහ සහකාර රේගු අධිකාරී ධනුෂ්ක හෙට්ටිආරච්ච්, ඒ.එල්.ඩී.කේ ගුණවර්ධන, ඒ.එම් තිලකරත්න බංඩා, දිල්රුක්ෂි ගුණතිලක යන නිලධාරීහු සිදු කරති.

1 DSC_0211
   

 



අදහස් (0)

ගමන් මල්ලෙන් සුදු හඳුන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site